පද්මෙගේ බඩු තියා ගත්ත දෙන්නෙක් මාට්ටු
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පිරිස ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආපසු සිදු කරන විවිධ ප්‍රශ්න කිරීම් හමුවේ තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.
ඒ අනුව සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මමේ නමැත්තාට අයත් මයික්‍රෝ වේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එක් සැකකරුවකු එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙකි.
ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදි පසුගියදා අත්අඩංගුවට ගත් කෙහෙල් බද්දට පත්මෙ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ඒකකයේ රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අපරාධ සිදුකිරීම සඳහා ලබාදුන් ගිනි අවියක් කැලණිය නාතුඩුව ප්‍රදේශයේ පුද්ගලයකුට භාරදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ජාඇල වැලිගම් පිටිය ප්‍රදේශයේපදිංචි තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24/38අතර පසුවන්නන්ය.