Jewellery පාවිච්චියට කලින් මේ දේවල් ගැන දැන ගන්න
Jewelry සහ කාන්තාවන් අතර පවතින්නේ අපූරු සම්බන්ධයක්. ආභරණ පළඳින්න අපි කවුරුත් කැමතියි. ඒත් ඔබ දැන ගතයුතු කාරණාවක් තමයි තැනට සුදුසු විදියට ඔබේ ඇඳුමට ගැළපෙන විදියට ජුවලරි තෝරාගෙන පැළදීමෙන් ඔබේ ආකර්ෂණය වැඩි වෙනවා. Smart look වැඩි කරගන්න මේ කරුණු දැනගෙන ජුවලරි පාවිච්චි කරන්න.
කොලිටිය ගැන සැලකිලිමත් වෙන්න
ඔබ මිලදී ගන්න රත්තරන් සංයුතිය ගැන සැලකිලිමත් වෙන්න. ඒ ගැන සැකයක් තියෙනවා නම් ස්වර්ණභරන අධිකාරියෙන් සහතිකයක් ලබාගන්න. රත්තරන් කියන්නෙ මිල අධික නිසා ගෙවන මිලට වටිනාකමක් තියනවාද බලන්න.
කුඩා ගල් අල්ලලා තියන සමහර ජුවලරි පාවිච්චි කරනකොට ඒ ගල් හැලී යාම් වගේ තත්ව ඇති වෙනවා. ඒ නිසා මැණික් ඔබ්බවූ රත්තරන් මිස වෙනත් විසිතුරු ගල් ඇල්ලූ Jewelries' ගන්නකොට සැලකිලිමත් වෙන්න.
මැච් වෙන විදියට දාන්න
price එකෙන් අඩු බාල වර්ගයේ Jewelry වලින් සාමාන්‍යයෙන් Allergy ඇති වෙනවා .ලාබෙට Jewelry ගත්තත් මේ Jewelry හදන්න අරන් තියෙන කිසිම Quality එකක් නැති ලාභදායී ද්‍රව්‍ය නිසා Sensitive skin එකක් තියෙන අයට ඉක්මනින්ම Jewelry Allergy වෙනවා. ඒකයි අපි Jewelry ගද්දී ඒවා වල Quality එක ගැන හිතන්න ඕනේ.
තැනට සුදුසු විදියට පළඳින්න
සාමන්‍යයෙන් Jewelry භාවිතා කරනකොට Match වෙන විදිහට දාන්න ගොඩක් වෙලාවට අපි අත් වලට,බෙල්ලට ,කකුල් වලට සහ කන් කියන හැම තැනකටම Jewelry දාන්න පුරුදු වෙලා ඉන්නවා. අනවශ්‍ය විදිහට Jewelry දාන්නේ නැතුව ඔබව ලස්සනට පේන විදිහට Jewelry use කරන්න ඕනේ.ඒ නිසා අපි main ම focus කරන්න ඕනේ ස්ථාන 03ක් තියෙනවා.ඒ තමයි අපේ බෙල්ල,මැණික් කටුව සහ කන්.ඔබ office යන කෙනෙක් නම්dress එකට match වෙන විදිහට මේ ස්ථාන වලට Jewelry Use කරන්න
Common විදියට දාන්න පුලුවන් ඒවා හදා ගන්න. ආටිෆිෂල් ඒවා හදනවා නම් ඔෆිස් එකට ගැළපෙනවද බලන්න.
අපිට නිතරම use කරන්න පුළුවන් විදිහට Jewelry තියාගන්න. office යන්න, එහෙමත් නැත්නම් එලියට යන time එකට අපිට පුළුවන් watch එකක් ,ring එකක් Use කරන්න.ඒ වගේම ඔබට පුළුවන් ඒක ඔබේ සාමාන්‍ය ආභරණ විදිහට හැමදාම පාවිච්චි කරන්න.
ඒ වගේම ඔබ කර පළල්ව කැපූ ඇඳුමක් ඇන්දම ප්‍රමාණයෙන් තරමක් ලොකු මාලයක් පළඳින්න. ඒ වගේම ඒ වර්ගයේ Party Frock එකකට තරමක් ලොකු මාලයක් සහ කුඩා කරාබු යුගලක් හෝ දිගට දැමූ කරාබු යුගලයක් සහ මාලයක් රහිත වීම තමයි හරියටම ගැළපෙන්නේ