කොළඹ මැද ක්‍රිෂ් චතුරස්‍රයේ ඉන්දීය කළු සල්ලි. - ආන්දෝලනාත්මක අනාවරණය ගැන ඉන්දියාව කරන දේ මෙන්න.

By Wayomi Jan 19, 2025 09:57 AM GMT
Report

කොළඹ කොටුවේ ක්‍රිෂ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අයථා ලෙස උපයාගත් මුදල් ජාවාරමක් සමග සෘජුව සම්බන්ධ බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ, අනුව දැනට අතරමග නතර කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කළ ක්‍රිෂ් රියල් ටෙක් සමාගම සහ එහි ප්‍රවර්ධකයා වන අමිත් කට්යාල් ඇතුළු කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ඉන්දියාවේ නීති බලාත්මක කිරීමේ ආයතනය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම ආයතනයේ නවදිල්ලි නුවර ගුරුග්‍රාම් කලාපීය කාර්යාලය විසින් මෙම විමර්ශනය සිදුකර ඇති අතර ඔවුන් විසින් මෙලෙස අයථා ලෙස ඉපැයූ ධනයෙන් මිලදී ගන්නා ලද ඉන්දීය රුපියල් කෝටි 224.08ක් වටිනා නිශ්චල දේපළ අතර කොළඹ අක්කර හතරක ඉඩමක් සහ අඩක් නිමවී ඇති සුපිරි හෝටලයක් පවතින බවද අනාවරණය කරගෙන තිබෙනවා.

හදිසියේම හෙට පාසල් වැසෙයි. - වැසෙන පාසල් මෙන්න.

හදිසියේම හෙට පාසල් වැසෙයි. - වැසෙන පාසල් මෙන්න.

එමෙන්ම මෙම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අමිත් කට්යාල් ඔහුගේ සමීපතයන් සහ ක්‍රිෂ් රියල්ටෙක් පෞද්ගලික සමාගම ආයෝජකයන් ගණනාවකට වංචාසහගත ලෙස මුදල් ලබා ගනිමින් රුපියල් කෝටි ගණනක මුදලක් විවිධ රටවලට සම්ප්‍රේෂණය කර ඇති බවයි.

මේ අතර සමාගම බොහෝ පුද්ගලයන් රැවටීමට ලක් කරමින් වැරැදි තොරතුරු ඉදිරිපත් කරමින් මෙම වංචාව සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

මේ පිළිබඳව තවදුරටත් හෙළි වී ඇත්තේ, ඉන්දියාවේ නවදිල්ලියේ ගුආගොන් ප්‍රදේශයේ මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයන්ගේ මුදල් ලබා ගත්තද වසර 13ක් යන තෙක් එම නිවාස ලබා දීමට අමිත් කට්යාල් කටයුතු කර නැති බවට ලද පැමිණිලි විමර්ශනය කිරීමේදීය.

ඔවුන් විසින් මෙම නිවාස ආයෝජකයන්ගෙන් කෝටි 503ක මුදලක් එකතු කර ඇති බව පැවසෙන අතර එම මුදල් ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් පෞද්ගලික සමාගම (කලින් ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ස්ක්වෙයාර් සමාගමේ) ගිණුමකට බැර කර ඇති බව අනාවරණය වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම ඉන්දීය නීති බලාත්මක කිරීමේ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )

EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )

   


You May Like This Video