බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

Report

ඉරාන ගැටුමත් සමඟ ගෝලීය බොරතෙල් මිල ඉහළ යාමේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ඉහළ දමා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙය මෙම මාසය තුළ සිදුකළ තුන්වන ඉන්ධන මිල වැඩි කිරීම බවද සඳහන් වේ. ඒ අනුව නවදිල්ලියේ පෙට්‍රල් මිල ලීටරයකට ඉන්දීය රුපියල් 0.87කින් ඉහළ දමා රුපියල් 99.51 දක්වා වැඩි කර ඇති අතර, ඩීසල් මිල ලීටරයකට රුපියල් 0.91කින් ඉහළ ගොස් රුපියල් 92.49ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගෝලීය බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් මීට පෙරද මෙම මාසයේදී දෙවරක් ඉන්ධන මිල ඉහළ දමා තිබුණි. විශේෂයෙන් බටහිර ආසියාවේ පවතින ගැටුම් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත සැපයුම් ගැටලු හේතුවෙන් බොරතෙල් මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

භාණ්ඩාගාර ඩොලර් මිලියන 2.5 සයිබර් මංකොල්ලය විමර්ශනය කරන්න FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

භාණ්ඩාගාර ඩොලර් මිලියන 2.5 සයිබර් මංකොල්ලය විමර්ශනය කරන්න FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

ඉන්දියාවේ බොරතෙල් කූඩයේ සාමාන්‍ය මිල පෙබරවාරි මාසයේදී බැරලයකට ඇමෙරිකානු ඩොලර් 69ක් පමණ වූ අතර, මේ වන විට එය ඩොලර් 113ත් 114ත් අතර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඉන්දියාව සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන බැවින්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල උච්චාවචනයන් දේශීය ඉන්ධන මිල කෙරෙහි සෘජුව බලපාන බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

"දේශපාලන බලයෙන් ඉඩම් අල්ලපු කාලේ ඉවරයි" - අම්පාරේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ප්‍රබල අනාවරණයක්

"දේශපාලන බලයෙන් ඉඩම් අල්ලපු කාලේ ඉවරයි" - අම්පාරේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ප්‍රබල අනාවරණයක්

චීනයේ ගල්අඟුරු පතලක් පුපුරා යයි - 8ක් මිය යද්දී තවත් 38ක් විෂ වායු මැද පණපිටින් සිරවෙයි

චීනයේ ගල්අඟුරු පතලක් පුපුරා යයි - 8ක් මිය යද්දී තවත් 38ක් විෂ වායු මැද පණපිටින් සිරවෙයි