ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)
දුප්පත් බව තුරන් කිරීම සඳහා ලබන අයවැයෙන් අස්වැසුම සාධාරණ පංගුවකින් වැඩි කරන බව ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
රිදී දොරටුවෙන් පිවිසි ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි. - වෙනදට වඩා වෙනස් වූ පිළිගැනීමක්. - ජයමංගල ගාථා නෑ. - (VIDEO/PHOTOS)
"ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් අප බලාපොරොත්තු වෙන වෙනවා.අප රට අලුත් තලයකට ඔසවා තබනවා නම් ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතුව තිබෙනවා.
එමෙන්ම අප ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනවා.එය සිදුවන්නේ පරිසරය සම්බන්ධයෙන් පමණක් නොවේ.යහපත් රාජ්‍යයක් සඳහා පුරවැසියන්ගේ යහපත් පරිවර්තනයක් අවශ්‍යයි.
ඒ නිසා යහපත් ආකල්ප වලින් යුතු පුරවැසි පරපුරක් ගොඩනැගිය යුතුයි.ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ එයයි.
සිනහවක් තිබෙන අනෙකා දෙස ලෙන්ගතුව බලන සමාජයක් අවශ්‍යයි.
ප්‍රධානම අභියෝගය වන්නේ දුප්පත් බව තුරන් කිරීමයි අප කිසිවකුත් වසර දහසක් ඉවත්වන්නේ නැහැ.සැමට ආ ආහාර වේලක් අධ්‍යාපනයක් නිවසක් මානසික නිදහසක් සහිත වටපිටාවක් අවශ්‍යයි.
දුප්පත් බව තුරන් කිරීම සඳහා ලබන අයවැයෙන් අස්වැසුම සාධාරණ පංගුවකින් වැඩි කරනවා.පාසල් පොත් මිලදී ගැනීම සඳහා රජයෙන් දීමනාවක් ලබාදීමටත් කටයුතු කරනවා.
එමෙන්ම අයවැය ලේඛනයේදී රාජ්‍ය සේවකයන්ට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාදෙනවා.
ගැබිණි මව්වරුන් රක්ත හීනතාවයකින් පෙලෙනවා.ඔවුන්ට පෝෂණ ආහාර වේලක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරනවා."
හිටපු අමාත්‍යවරු හරීන්, රමේෂ්, ප්‍රසන්න සහ රොෂාන් CIDයට කැඳවයි. හිටපු ජනපති සහ අගමැති දිනේෂ්ට වෙන්න යන දේ මෙන්න.