ආන්දෝලනාත්මක අපරාධ ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්. - ප්‍රතිඥාවකුත් දෙයි.

Wayomi
Report this article
සැමට බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බිහිකරන බවට අප ප්‍රතිඥා දෙන බව ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රිදී දොරටුවෙන් පිවිසි ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි. - වෙනදට වඩා වෙනස් වූ පිළිගැනීමක්. - ජයමංගල ගාථා නෑ. - (VIDEO/PHOTOS)
"නිදහස යන දේ අප සැමට පොදු දෙයක්.යළිත් නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුව තිබෙනවා.
සම්මත කරන ලද නීති නිසි පරිදි ක්‍රියාවේ යෙදවිය යුතුව තිබෙනවා.මහජනතාවට නීතිය ක්‍රියාත්මක වන බවට ඒත්තු ගැන්විය යුතුයි.නමුත් පසුගිය කාලයේ ජනතාවට ඒ විශ්වාසය බිඳ වැටුණා.
කිසිම දේශපාලකයෙක් හෝ අධිකාරී බලය තිබෙන කිසි කෙනෙක් නීතියට උඩින් සිටින්නේ නැහැ. සියලු දෙනා නීතියට යටත් විය යුතුයි.
කිසි කෙනෙක් හඹා ගොස් දඬුවම් කරන්න අප කටයුතු කරන්නේ නැහැ.හැබැයි ආන්දෝලනයට ලක්වූ අපරාධ තිබෙනවා.නීතිය පිළිබඳ ජනතා විශ්වාසය ඇති කරන්න නම් ආන්දෝලනයට ලක් වූ අපරාධ සම්බන්ධයෙන් යළි විමර්ශනය කොට අපරාධකරුවන්ට දඬුවම් පැමිණවිය යුතුයි.ආන්දෝලනයට ලක්ව තිබෙන අපරාධ වලට වගකිට යුත්තන්ට දඬුවම් කරන බවට මා ප්‍රතිඥා දෙනවා."

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)
