"IMF නැතුව ඉදිරි ගමනක් නෑ." ගිවිසුම අත්සන් කරන දිනය සහ ජනපතිගේ ස්ථාවරය දැනුම්දෙයි.
මූල්‍ය අරමුදලේ එකඟතා බිඳ දමා ඉදිරි ගමනක් නොමැති බව ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
"වැරදි කරන්න හෝ අත්වැරදීමක් හෝ කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් උරුම කර දී නෑ.ඒ නිසා ආර්ථිකය මෙහෙයවීමේදී හැම සියුම් දෙයක්ම විමර්ශනය කොට තීරණ ගත යුතුයි. මූල්‍ය අරමුදලේ එකඟතා බිඳ දමා ඉදිරි ගමනක් නැහැ.මූල්‍ය අරමුදලේ එකඟතා අනුව අප ආර්ථිකය හසුරවන බව දැනුම් දී තිබෙනවා. තුන්වන සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා.මේ සතිය ඇතුළත මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුමක් 23 වැනිදා අත්සන් කිරීමට හැකි වනු ඇතැයි අප සිතනවා."