හිටපු අමාත්‍යවරු හරීන්, රමේෂ්, ප්‍රසන්න සහ රොෂාන් CIDයට කැඳවයි. හිටපු ජනපති සහ අගමැති දිනේෂ්ට වෙන්න යන දේ මෙන්න.

Dr Ramesh Pathirana Roshan Ranasinghe Sri Lanka Politician Prasanna Ranatunga Harin Fernando
By Wayomi Nov 21, 2024 03:33 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යොමුකළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමටයි.

රටම බලන් හිටපු 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනපති අනුර සමඟ ඇරඹුණේ මෙහෙමයි. - නව කතානායකගේ පැටිකිරි මෙන්න..(UPDATE) - (LIVE VIDEO)

රටම බලන් හිටපු 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනපති අනුර සමඟ ඇරඹුණේ මෙහෙමයි. - නව කතානායකගේ පැටිකිරි මෙන්න..(UPDATE) - (LIVE VIDEO)

මේ අතර හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, සහ හරීන් ප්‍රනාන්දු අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයනේ එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 11 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. 

ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්. - 23 වන විට පීඩන අවපාතයක්.

ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්. - 23 වන විට පීඩන අවපාතයක්.

ඒ, අනුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කියා සිටියේ ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් මිලදී ගැනීමට 2022 සැප්තැම්බර් 26 වනදා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව යොමුකරන අවස්ථාවේ කැබිනට් මණ්ඩලයේ තවත් සාමාජිකයන් 18 දෙනෙකු සිට ඇති බවයි.

එහිදී අදාළ කැබිනට් පත්‍රකාවේ අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් නොවූ පසුබිමක, සත්‍ය වශයෙන්ම ඖෂධ හිඟයක් පැවතියේද යන්න හෝ සොයාබැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය කැබිනට් පත්‍රකාවට අවසරය දුන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රකාශ සටහන් කළ යුතු බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා.

ලොකු ළූණු මිලෙහි විශාල වෙනසක්. - කිලෝවක මිල කීයද කියලා දන්නවද?

ලොකු ළූණු මිලෙහි විශාල වෙනසක්. - කිලෝවක මිල කීයද කියලා දන්නවද?

මේ අනුව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවට අවසරදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට අද පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 01 හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග සහ හරීන් ප්‍රනාන්දු වෙත විමර්ශන නිලධාරින් දැනුම් දී තිබුණා.

එමෙන්ම ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට රැගෙනවිත් රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු කැබිනට් මණ්ඩලයේ 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ පසුගිය 11 වැනිදායි. ඊට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අවසරද ලබා දී තිබුණා.

හිටපු ජනපති රනිල් වග උත්තරකරුවෙක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ආ පෙත්සම.

හිටපු ජනපති රනිල් වග උත්තරකරුවෙක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ආ පෙත්සම.

මෙරට අධ්‍යාපනයේ විශේෂ වෙනසක්. - අගමැති හරිනිගෙන් විශේෂ ප්‍රකාශයක්.

මෙරට අධ්‍යාපනයේ විශේෂ වෙනසක්. - අගමැති හරිනිගෙන් විශේෂ ප්‍රකාශයක්.

ReeCha