රාජ්‍ය සේවකයින්ට දීමනාවක්.. හොඳට වැඩ කළොත් තවත් නොහිතපු වාසියක්.. වැඩේ වෙන්නෙ මෙහෙමයි..

Report

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට ඇතැම් අපේක්ෂකයන් ලබාදී ඇති පොරොන්දු කිසිසේත් ඉටුකළ නොහැකි බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා සඳහන් කළේ ය.

එමෙන්ම, තමා යෝජනා කරන්නේ රාජ්‍ය සේවකයාගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් බව ය.

වැටුප රුපියල් 2,000ක් දක්වා ඉහළට.. ලංකාවම කතා වුණ වැටුප ගැන මෙන්න සුබ ආරංචියක්...

වැටුප රුපියල් 2,000ක් දක්වා ඉහළට.. ලංකාවම කතා වුණ වැටුප ගැන මෙන්න සුබ ආරංචියක්...


ඒ මහතා මේ බව කියා සිටියේ අද (04) පැවැති මාධ්‍ය හමුවක දී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"ඉන්න ජනාධිපතිවරයාම මීට මාස 2කට කලින් කිව්වා පඩි ගෙවන්න විදියක් නැහැ කියලා. පඩි ගෙවන්නවත් විදියක් නෑ කියපු රජයම 25%කින් පඩි වැඩි කරලා තිබෙනවා. ඒකට රුපියල් බිලියන 2කට වැඩි මුදලක් අවශ්‍යයි.

මාසෙ දවස් 02ක් ගෙවිලා.. 03න් වෙනි දවසේ මේ මොකක්ද වුණේ?. මෙරට බැංකු කිහිපයකින්ම දැනුම්දීමක් මෙන්න..

මාසෙ දවස් 02ක් ගෙවිලා.. 03න් වෙනි දවසේ මේ මොකක්ද වුණේ?. මෙරට බැංකු කිහිපයකින්ම දැනුම්දීමක් මෙන්න..


මේ පිළිබඳව අපි කොහොමද විශ්වාසයක් තියන්නේ. මේක දැනුමක් තිබෙන රාජ්‍ය සේවකයාට කළ අපහාසයක්. පඩි වැඩි කරන්න ඕනේ තාර්කිකව..

අනුර කුමාර මහතා යෝජනා කරන්නේ මාස 6න් 6ට පඩි වැඩි කරන්න. කොහොමද ඒක කරන්නේ. කොහෙන්ද ඒ සල්ලි ලැබෙන්නේ..

මේ මොකක්ද වුණේ?. 31 වෙනිදාට කලින්.. එකවරම, වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න..

මේ මොකක්ද වුණේ?. 31 වෙනිදාට කලින්.. එකවරම, වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න..


අපි රාජ්‍ය සේවකයා සමග මීට වැඩිය විද්වත් සංවාදයකින් පස්සේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා අවශ්‍ය සහනාධාර, මුදල්, දිරි දීමනා ද... මේ ඔක්කොම ගැන සාකච්ඡා කළ යුතුයි..

අපි යෝජනා කරලා තිබෙන්නේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා රජයේ සේවකයන්ට දිරි දීමනා ලබාදිය යුතුයි. හොඳට වැඩ කරන කෙනෙකුට තවත් දිරි දීමනාවක් ලැබිය යුතුයි.

දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..

දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..


මේ දෙන දේවල් සම්පූර්ණ පොරොන්දු විතරයි. ලංකාවේ ආර්ථිකය ගැන දළ හෝ අවබෝධයක් ඇති..

උසස් පෙළට ආර්ථික විද්‍යාව හදාරන දරුවෙකුගෙන් ඇහුවොත් කියයි... මේක ඉටු කරන්න පුළුවන් පොරොන්දුවක් නෙමෙයි.."