සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට මෙන්න විශේෂ නිවේදනයක්

Youtube United Arab Emirates Social Media Sinhala news Breaking News
By Kaushi Jun 11, 2025 05:50 AM GMT
Kaushi

Kaushi

Report

UAE මාධ්‍ය නීතිය මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් සහ අන්තර්ගත නිර්මාණකරුවන්ට මුදල් උපයන මොන යම් හෝ වාණිජ ක්‍රියාකාරකමක නිරත වේ නම් ව්‍යාපාරික බලපත්‍ර ලබාගත යුතු බවට ප්‍රකාශ කර ඇත.

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

තවත් මාරක බස් අනතුරක් - අනතුරේ වීඩියෝව මෙන්න

තවත් මාරක බස් අනතුරක් - අනතුරේ වීඩියෝව මෙන්න

ඒ අනුව මුලින් ඔවුන්ට UAE මාධ්‍ය සභාවෙන් පමණක් බලපත්‍රයක් ලබාගැනීමට අවැසි වුවත් මේ වන විට මාධ්‍ය සභාවෙන් මාධ්‍ය බලපත්‍රය වෙනුවෙන් අයදුම් කිරීමට ප්‍රථම ව්‍යාපාරික බලපත්‍රයක් ලබාගැනීම අවශ්‍ය වී තිබෙන බව සඳහන්.

එසේම මාධ්‍ය සභාවෙන් එබදු සමාජ මාධ්‍ය නිර්මාණකරුවන්ට ගාස්තු ගෙවීම් නිදහස් සහනයක් ලෙස අවුරුදු තුනක කාලයක් ලබාදී ඇති බව පවසයි.

විශ්ලේෂකයින් පෙන්වාදී ඇත්තේ මෙමඟින් රජය බලාපොරොත්තු වන්නේ නියාමනයට ලියාපදිංචිය බවයි.

එමෙන්ම බලපත්‍ර රහිත පිරිසට සමාජ මාධ්‍ය අන්තර්ගතය උඩුගත කිරීමේදී බාධා පමුණුවනු ඇති බව වාර්තා වේ.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

ඒ අනුව ඉකුත් 29 වන දා සිට ක්‍රියාත්මක UAE මාධ්‍ය සභාව එහි සවිස්තරාත්මක මාධ්‍ය නියාමන නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ මාධ්‍ය නියාමනයේ නව යුගයක් ඇරඹී ඇහි බව ප්‍රකාශ කරයි.

එසේම මෙහි ප්‍රධාන ප්‍රතිපාදන අතර, නිර්මාණකරුවන් මාධ්‍ය බලපත්‍ර ලබා ගැනීමට ප්‍රථමයෙන් ව්‍යාපාරික බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය කරන සන්ධිස්ථාන ප්‍රතිපත්තියක් ඇතුළත් වෙන බව ද පවසයි.

තවද UAE මාධ්‍ය සභාවේ උපාය මාර්ග සහ මාධ්‍ය ප්‍රතිපත්ති අංශයේ ප්‍රධාන විධායක නිලධාරිනී මයිතා අල් සුවයිඩි මහත්මිය පවසා ඇත්තේ,

සැමියව මරන්න බිරිඳගෙන් ලක්ෂ 20 ක්

සැමියව මරන්න බිරිඳගෙන් ලක්ෂ 20 ක්

"මෙම මාර්ග සිතියම නව මාධ්‍ය මගින් ඉදිරිපත් කරන අභියෝග සහ අවස්ථා පිළිබඳ අපගේ ගැඹුරු අවබෝධය පිළිබිඹු කරයි. එය ගෝලීය මාධ්‍ය ප්‍රවණතා සමඟ අනුගත වන අතරම යු.ඒ.ඊ හි මූලික වටිනාකම් ආරක්ෂා කරමින් නම්‍යශීලී, සමකාලීන පරිසරයක් ඇති කිරීම සඳහා සැලසුම් කර ඇත"

ඒ ඩුබායිහි දී මෑතකදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එසේම මාධ්‍ය නියාමන නීතිය, වරදේ බරපතලකම සහ වාරගණන අනුව පරිමාණගත කළ දඩ මුදල් සහිතව, උල්ලංඝනය කිරීම්වලට දිරාම් මිලියනයක් දක්වා දඩ හඳුන්වා දී ඇති බවද සඳහන්. 

ලොස් ඇන්ජලීස්වලට අද සිට ඇඳිරිනීතිය

ලොස් ඇන්ජලීස්වලට අද සිට ඇඳිරිනීතිය

ReeCha