ලෝකෙම හෙල්ලූ එප්ස්ටයින් සම්බන්ධ කරන චෝදනා මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

Report

 අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් විසින් අපරාධකරුවෙකු ලෙස වරදකරු වී මියගිය ජෙෆ්රි එප්ස්ටයින් සහ ඔහුගේ සමීප සහායිකාවක වූ ගිස්ලේන් මැක්ස්වෙල් සමග තමන්ට කිසිදු පෞද්ගලික හිතවත්කමක් නොතිබූ බව ප්‍රකාශ කර තිබේ.

 එප්ස්ටයින් ඇයව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හඳුන්වා දුන් බවත්, ඔවුන් හා මෙලනියා ට්‍රම්ප් අතර හිතවත්කමක් තිබූ බවටත් පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරමින් ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයකදී සිදුකරමින් ඇය මේ බව ප්‍රකාශ කර‍යි.

 තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ල පදනම් විරහිත බව එහිදී ඇය වැඩිදුරටත් සදහන් කර තිබේ

"පැහැදිලිවම කිව්වොත් මම කිසි විටෙකත් එප්ස්ටයින් හෝ ඔහුගේ සහකාරිය (ගිස්ලේන්) මැක්ස්වෙල් සමග හිතවත්කමක් පවත්වා නෑ" ඇය  ප්‍රකාශ කර ඇත

මේ අතර ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප්, ජෙෆ්රි එප්ස්ටයින් සමග ඇති සම්බන්ධතා ප්‍රතික්ෂේප කරමින්, ධවල මන්දිරයද වාර්තාකරුවන්ට දැනුම්දී ඇත්තේ, දෙදෙනා සම්බන්ධ කරන ඕනෑම ප්‍රකාශයක් 'අද අවසන් කළ යුතු' බවයි.