ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF මතය...

Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka Economy of Sri Lanka
By Parami Dissanayake Jun 07, 2024 03:07 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවක දී අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කර සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනට අනුකූලව ශ්‍රී ලංකාව බාහිර ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙනු ඇතැයි දැඩි බලාපොරොත්තුවක් තිබෙන බව ය.

ඒ හේතුවෙන් සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇති බවද ඇය පවසා සිටියා ය.

තේ කර්මාන්තශාලාවක් ගිනිගෙන විනාශ වේ...

තේ කර්මාන්තශාලාවක් ගිනිගෙන විනාශ වේ...

ඒ අනුව,කොසැක් මහත්මිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි.

තව ද, වැඩි දුරටත් අදහස් ඉදිරිපත් කළ එතුමිය චීන අපනයන ආනයන බැංකුව සමගද අවසන් ගිවිසුමකට එළඹීම සඳහා ඒ ආකාරයෙන්ම සාකච්ඡා පවත්වා ඇති බවත් පවසා සිටියා ය.

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඵල දරමින් තිබෙන බවත් ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඇය ප්‍රකාශ කළාය.

විදෙස් සංචිත වත්කම් ප්‍රමාණය මැයි මාසයේ දී සුළු අඩු වීමක්...

විදෙස් සංචිත වත්කම් ප්‍රමාණය මැයි මාසයේ දී සුළු අඩු වීමක්...

ඉතාමත් ඉක්මණින් ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹීමේ අරමුණින් බාහිර බැඳුම්කරහිමියන් සමගද ශ්‍රී ලංකාව අඛණ්ඩව සාකච්ඡා පවත්වන බවත් චීන සංවර්ධන බැංකුව සමඟ පවත්වන සාකච්ඡාද ඉහළ මට්ටමක තිබෙන බවත් කොසැක් මහත්මිය පැවැසුවාය.

ReeCha