විදෙස් සංචිත වත්කම් ප්‍රමාණය මැයි මාසයේ දී සුළු අඩු වීමක්...
By Parami Dissanayake
පසුගිය 2024 මැයි අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,421ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
එමෙන් ම, 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 5,471ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.9%ක සුළු පහළ යාමකි.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,389 සිට ඩොලර් මිලියන 5,367 ක් දක්වා මෙහිදී පහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
ඒ 0.4% ක ප්‍රමාණයකින් ය.