මග බලන් හිටපු ඔයාට මෙන්න සුබ ආරංචියක්..

Walt Disney Hollywood World Latest Headlines
By Piyumika Sep 18, 2024 06:13 AM GMT
Piyumika

Piyumika

Report

ලොවපුරා ලොකු කුඩා කවුරුත් මහත් ආදරයකින් ආකර්ෂණයකින් වැළඳගත් චිත්‍රපටයකි, 'Ice Age' මේ වන විට  එහි 6 වන චිත්‍රපටයත් නිර්මාණය වන බවට වාර්තා පළ වේ.

අපිට අපහු එයා ඉන්න අලුත් චිත්‍රපටයක් බලන්න හම්බවෙන එකක් නෑ..

අපිට අපහු එයා ඉන්න අලුත් චිත්‍රපටයක් බලන්න හම්බවෙන එකක් නෑ..

එය  තහවුරු කර තිබුණේ, Ice Age චිත්‍රපට මාලාවේ Sid ගේ චරිතයට හඬ දායකත්වය ලබාදුන් අමෙරිකානු ප්‍රහසන ශිල්පී ජෝන් ලෙගුයිසාමෝ (John Leguizamo) විසින්.

'Wait Wait... Don't Tell Me!' නම් Podcast වැඩසටහනට සම්බන්ධ වෙමිනුයි ඔහු ඒ බව සනාථ කර ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තර්ජනාත්මක ඇමතුමක් ..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තර්ජනාත්මක ඇමතුමක් ..

ඒත් එක්කම තමන් මේ වෙද්දි එහි මූලික වැඩකටයුතුවල නියැලෙන බවත් ඔහු සඳහන් කරලා තිබුණි .

ජෝන්, අරගෙන ආව මේ ආරංචිය දිගුකාලීනව 'Ice Age' එක්ක රැඳී ඉන්නා රසිකයින්ව උද්දීපනය කිරීමට හැකි වි තිබේ.

ඉහත වැඩසටහනේදී, තමන් සිද්ගේ කටහඬ වර්ධනය කරගත් ආකාරය ගැනත් ඔහු විස්තර කර තිබුනු සේම එය , කම්මුල් හි ආහාර ගබඩා කිරීම ඇතුළු අලසයන්ගේ ස්වභාවික හැසිරීම් අනුකරණය කරමින් කළ පර්‍යේෂණාත්මක ක්‍රියාවලියක් හැටියටයි ඔහු පෙන්වා දී තිබුණෙ.

අනේ මෙහෙමත් සැමියෙක් ..මේ වගේ කතාවක් නම් අත්තා මුත්තාගේ කාලේවත් අහල නැතුව ඇති..

අනේ මෙහෙමත් සැමියෙක් ..මේ වගේ කතාවක් නම් අත්තා මුත්තාගේ කාලේවත් අහල නැතුව ඇති..

කෙසේ  නමුත් Disney විසින් Ice Age 6 ව්‍යාපෘතිය තමන් විසින් ම ප්‍රකාශයට පත් කර නොමැති නිසා, චිත්‍රපටය තවමත් එහි මුල් අවධියේ පවතින බවකි කාගෙත් අනුමානය.

2002 දී මුල් චිත්‍රපටය එක්ක ආරම්භ වුණු Ice Age, මේ වෙද්දි චිත්‍රපට 5කින් සමන්විත වේ .

Ice Age (2002)

The Meltdown (2006)

Dawn of the Dinosaurs (2009)

Continental Drift (2012)

Collision Course (2016)

2022 දී බ්ලූ ස්කයි හි මැදිහත්වීමකින් තොරව ඩිස්නි හි පමණක් නිකුත් කරන ලද ස්වාධීන චිත්‍රපටයක් තමයි 'The Ice Age Adventures of Buck Wild'.

දෙදරු මවකට අත් වුණ ඛේදනීය ඉරණම...

දෙදරු මවකට අත් වුණ ඛේදනීය ඉරණම...

පළමු චිත්‍රපට පහ නිෂ්පාදනය කළේ Blue Sky Studios විසින්. චිත්‍රපටය බෙදාහරින ලද්දේ 20th Century Fox (දැන් 20th Century Studios) විසින්.

මෙහි තවත් විශේෂත්වයක් නම් මුල් චිත්‍රපට සඳහා නිත්‍ය නළු නිළියන් වූ රේ රොමානෝ, ජෝන් ලෙගුයිසාමෝ, ඩෙනිස් ලියරි සහ ක්‍රිස් වෙජ්ගේ හඬ අන්තර්ගත වීම.