වාහන ලියාපදිංචියේ ප්‍රශ්ණයක්ද? QR Code ප්‍රශ්ණේ විසදන්න මුල ඉදන් අගට සෑම පියවරක්ම මෙන්න
රජය හඳුන්වා දුන් QR කේතය ඔස්සේ ඉන්ධන ලබාගැනීම සඳහා, වාහන දැනටමත් වෙනත් අංකයකට ලියාපදිංචි වී ඇති අවස්ථාවල QR කේතය ලබා ගැනීමේදී පහත පියවර අනුගමනය කළ හැකියි.
පියවර 01: ඔබගේ පරිගණකය හෝ ජංගම දුරකථනය මගින් රජයේ නිල වෙබ් අඩවිය වන fuelpass.gov.lk වෙත පිවිසෙන්න.
පියවර 02: දැන් වෙබ් අඩවියේ ඇති වාහන ලියාපදිංචි වීමේ (Register) විකල්පය තෝරන්න.
- ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය ඇතුළත් කරන්න.
- අනතුරුව ඔබගේ ක්‍රියාකාරී ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න.
- එම දුරකථන අංකයට ලැබෙන OTP (One-Time Password) කේතය අදාළ ස්ථානයේ ඇතුළත් කර තහවුරු කරන්න.
පියවර 03: දැන් පෝරමයේ ඔබේ නම සහ ලිපිනය නිවැරදිව ඇතුළත් කර තහවුරු කරන්න.
පියවර 04: ලියාපදිංචි වීමේ වැදගත්ම පියවර මෙයයි.
මෙහිදී පහත දත්ත නිවැරදිවම ලබා දෙන්න.
1. වාහනයේ ලියාපදිංචි අංකය
2. වාහනයේ වර්ගය (Vehicle Type)
3. චැසි අංකය (Chassis Number)
4. ඉන්ධන වර්ගය (පෙට්‍රල් හෝ ඩීසල්)
සියලු තොරතුරු ඇතුළත් කර අවසානයේ, කොන්දේසි වලට එකඟ වන බව සඳහන් කොටුව සලකුණු කර Submit කරන්න.
පියවර 05: ඔබ තොරතුරු ඉදිරිපත් කළ පසු, ඔබේ වාහනයේ ලියාපදිංචි තත්ත්වය අනුව පණිවිඩ දෙකකින් එකක් දිස්වනු ඇත.
අ) සාමාන්‍ය ලියාපදිංචිය: ඔබේ වාහනය මීට පෙර වෙනත් අංකයකට ලියාපදිංචි වී නොමැති නම්, තිරය මත ඔබට හිමි QR කේතය දිස්වනු ඇත.
ආ) දැනටමත් ලියාපදිංචි වාහනයක් නම් : වාහනය දැනටමත් වෙනත් අංකයකට ලියාපදිංචි වී ඇති බවට “Pop-Up” පණිවිඩයක් ලැබෙන අතර එහි “මෙම අංකය 07xxxxxx87 අංකයට ලියාපදිංචි කර ඇත.
ඔබ මෙම වාහනයේ නීත්‍යනුකූල අයිතිකරු නම් ලියාපදිංචිය අහෝසි කොට ඔබ ඇතුලත් කළ අංකයට මාරු කළ හැක ” දිස්වන පණිවිඩයට “ තහවුරු කරමි” ලෙස ලබා දෙන්න. එවිට පෙර ලියාපදිංචිය අවලංගු වී ඔබේ නව දුරකථන අංකය යටතේ QR කේතය ලබා ගත හැකියි.