පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර උණුසුම් ගැටුමකින් එක් සිසුවෙක් ජීවිතක්ෂයට - 5 දෙනෙක් අත්අඩංගුවට
By Kaushi
හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව පොලීසිය ප්‍රකාශ කළේ මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
එම හෝටලයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) දින රාත්‍රීයේ පවත්වනු ලැබූ සාදයක් අතරතුරදී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව ඇත.
කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර උණුසුම් ගුටි කෙළියක් - එක් මන්ත්‍රීවරයෙක් තුවාල ලබා රෝහලට
එම පහරදීම සිදුකළ බවට සැකපිට එම විශ්වවිද්‍යලයේම සිසුන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් හොමාගම පෙලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.