කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර උණුසුම් ගුටි කෙළියක් - එක් මන්ත්‍රීවරයෙක් තුවාල ලබා රෝහලට

Report

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් ඊයේ (09) සවස ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම ගැටුමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

මෙසේ ගැටුමෙන් තුවාල ලබා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී රම්සි ටෝනි බවත්, පහරදී ඇත්තේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන උපාලි වැලිවත්ත බවත් සඳහන්.

නොරොච්චෝලේ ඉතිහාසයේ විශාල කළු පැල්ලම ගැන චානක කට අරී - ඉදිරියේ විශාල විදුලි කප්පාදුවකට යෑමේ හැකියාවක්

නොරොච්චෝලේ ඉතිහාසයේ විශාල කළු පැල්ලම ගැන චානක කට අරී - ඉදිරියේ විශාල විදුලි කප්පාදුවකට යෑමේ හැකියාවක්

එමෙන්ම පහරදුන් මන්ත්‍රීවරයා කොළඹ නගරයේ වෙළඳසැල් පරීක්ෂාවක්, විනය විරෝධී ආකාරයට සිදුකළ බවට නාගරික මන්ත්‍රී රම්සි ටෝනි මහතා ඊයේ දින (9) සභාවාරයේදී විවේචනාත්මක අදහස් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ.

එහෙත් එම අවස්ථාවේ වැලිවත්ත මන්ත්‍රීවරයා සභාගර්භයේ නොසිට තිබෙන අතර, පසුව ඔහු එය දැනගැනීමෙන් පසුව මෙම බහින්බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලොක්කෙක් අත්අඩංගුවට - හේතුව මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලොක්කෙක් අත්අඩංගුවට - හේතුව මෙන්න

අඳාළ ගැටුමෙන් රම්සි ටෝනි මන්ත්‍රීවරයාගේ නාසයට බරපතළ හානි සිදුව තිබෙන අතර, ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් විමර්ශනය ආරම්හ කර ඇති බව පවසයි.

කෙසේ වෙතත් කළ විමසීමකදී පොලීසිය සඳහන් කර ඇත්තේ අඳාළ සිදුවීමට සම්බන්ධ පහරදුන් මන්ත්‍රීවරයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

මාලිමාව බස් නැවතුම්පොළේ හැදුවලු.. පේන්ට් ටිකක් ගාලා ආණ්ඩුව විවෘත කළා - චාමර ආණ්ඩුවේ රෙදි ගලවයි

මාලිමාව බස් නැවතුම්පොළේ හැදුවලු.. පේන්ට් ටිකක් ගාලා ආණ්ඩුව විවෘත කළා - චාමර ආණ්ඩුවේ රෙදි ගලවයි