හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකගේ පැමිණිල්ල කල් යයි
2022 වසරේ කොළඹ , නිදහස් චතුරස්‍රය අසල නීතී විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක්වීම තුළින් මහජන පීඩාවක් ඇති කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අගෝස්තු 17වනදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රත් අධිකරණය අද (16) නියෝග කර ඇත .
මෙම පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවා තිබුණි .
මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර විමර්ශන ගොනු උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව එහිදී කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.
'' ජනතා විමුක්ති පෙරමුණ මේ වෙද්දි විපක්ෂයේ හිටියනම් ආන්ඩුවට බැනගෙන ජනතාව උසිගන්වනවා '' මන්ත්‍රී රෝහන කියයි
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා මෙම පැමිණිල්ල අගෝස්තු මස 17වනදා කැඳවන ලෙසයි.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත .