දිස්ත්‍රික්ක ගණනාවකට මහ වැසි - ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

Report

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකි බවයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

දින දෙකක නිවාඩුවට අධිවේගී මාර්ගවලින් නොහිතපු වාර්තාගත ආදායමක්

දින දෙකක නිවාඩුවට අධිවේගී මාර්ගවලින් නොහිතපු වාර්තාගත ආදායමක්

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40–50ක පමණ වේගයකින් විටින් විට තද සුළං ඇති විය හැකි බවද දැනුම් දී තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, සූර්යයාගේ දෘශ්‍ය ගමන් මාර්ගය අනුව අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් සූර්යයා ගමන් කරනු ඇත.

ඒ අනුව අද (28) දහවල් 12.11ට කොක්කුවිල්, නල්ලූර්, කොඩිකාමම් සහ නගර් කෝවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.  

ලිංගික සංක්‍රාන්ති සැත්කමෙන් පසු සංජේ බන්ගාර්ගේ දියණිය අනයා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිටියට

ලිංගික සංක්‍රාන්ති සැත්කමෙන් පසු සංජේ බන්ගාර්ගේ දියණිය අනයා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිටියට