දින දෙකක නිවාඩුවට අධිවේගී මාර්ගවලින් නොහිතපු වාර්තාගත ආදායමක්
By Kanchana
පසුගිය අගෝස්තු 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ අධිවේගී මාර්ග භාවිත කළ වාහනවලින් රුපියල් 124,574,925ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි
එම දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ ධාවනය වූ මුළු වාහන සංඛ්‍යාව 325,316ක් වන අතර, අගෝස්තු 26 වනදා වාහන 163,763ක් ධාවනය වී ඇති අතර, එදින ලැබූ ආදායම රුපියල් 60,409,995කි.
අගෝස්තු 27 වනදා අධිවේගී මාර්ග භාවිත කළ වාහන සංඛ්‍යාව 161,553ක් වන අතර, එදින රුපියල් 64,164,930ක ආදායමක් උපයා ඇත.
මෙම දින දෙක තුළ වැඩිම වාහන ගමනාගමනයක් දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය වන E01 හා E02 ඔස්සේ වාර්තා වී ඇත.