ඉදිරි පැය 36ට තද වැසි - පළාත් කිහිපයකට අනතුරු ඇඟවීමක්
By Shehan
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කර ඇත.
එම දෙපාර්තමේන්තුව පවසන පරිදි, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව සඳහන් වේ. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාළගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 50 පමණ වේගයකින් යුත් තද සුළං ඇතිවිය හැකි බව ද සඳහන් වේ.
