අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාවට හදිසි දැනුම්දිමක් - අත්තනගලු ඔය පිටාර ගැලීමේ ලොකු අවදානමක්

Report

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ ඊයේ (21) රාත්‍රියේ සිට පවතින අධික වැසි හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි.

දූනමලේ මිනුම් මධ්‍යස්ථානයේ දත්ත අනුව මේ වනවිට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, ඉහළ ද්‍රෝණියේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 250ට වැඩි වැසි ලැබී ඇති බවද ඔහු පැවසීය.

නිරිතදිග මෝසම ලංකාවම ගිලගනී - මෝසම් සුළඟ සමඟ දිවයින හරහා මහ වැසි සහ අකුණු කුණාටු

නිරිතදිග මෝසම ලංකාවම ගිලගනී - මෝසම් සුළඟ සමඟ දිවයින හරහා මහ වැසි සහ අකුණු කුණාටු

එම තත්ත්වය හේතුවෙන් ගම්පහ, කටාන සහ වත්තල වැනි පහත්බිම් ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ත් 300ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන් කළ ඉංජිනේරු සූරියබණ්ඩාර මහතා, ඉදිරි තත්ත්වයන් පිළිබඳව ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

කැලණි ගඟ අයිනේ ඉන්න අය වහාම සූදානම් වෙන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිකුත් වූ හදිසි නිවේදනය

කැලණි ගඟ අයිනේ ඉන්න අය වහාම සූදානම් වෙන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිකුත් වූ හදිසි නිවේදනය

පැය 24ක හදිසි නියෝගයක් - දිස්ත්‍රික්ක 3කට නායයාමේ ඇම්බර් අනතුරු ඇඟවීම්

පැය 24ක හදිසි නියෝගයක් - දිස්ත්‍රික්ක 3කට නායයාමේ ඇම්බර් අනතුරු ඇඟවීම්