මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම විමසීමට දින

Report

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර, අපේක්ෂිත ඇපයක් මත තමා මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

මෙම ඇප ඉල්ලීම අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් මෙම පෙත්සමට අදාළ ලිඛිත විරෝධතා අධිකරණයට ඉදිරිපත් කළාය.

එහිදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය ඉල්ලා සිටියේ, මෙම විරෝධතාවලට පිළිතුරු ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

ඒ අනුව එම ලිඛිත පිළිතුරු ලබන අඟහරුවාදා ගොනුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා ජනාධිපති නීතිඥවරයාට නියම කළේය. ඉන් අනතුරුව මෙම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස නියම කළේය.

මහීපාලම,බිරිදගේ හෝටලය කඩා දමයි,නීතියක් කරපු හරියක්

මහීපාලම,බිරිදගේ හෝටලය කඩා දමයි,නීතියක් කරපු හරියක්