මහීපාලම,බිරිදගේ හෝටලය කඩා දමයි,නීතියක් කරපු හරියක්
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පවත්වගෙන යන හෝටලය සහ පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් තුල කඩා ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දි තිබේ.
හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ලිඛිතව මෙම දැනුම් දිම සිදු කර තිබෙනවා.
ඒ අනුව මහීපාල හේරත් විසින් අනුරාධපුර - පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ අනවසරෙන් ඉදි කළ බව කියන හෝටලය කඩා ඉවත් කර ගෙන තිබෙනවා.
එසේ කඩා ඉවත් නොකලහොත් අදාළ ගොඩනැගිල්ල ඉවත් කරන ලෙස ප්‍රාදේශීයීය ලේකම්වරයා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා.
මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක සඳහන් කළේ මසක් ඇතුළත අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කරගන්නා ලෙසට දැනුම් දී තිබූ බවයි.
හිටපු ආණ්ඩුකාරවරයා සිය බලතල නීති විරෝධී අයුරින් භාවිත කරමින් සිය බිරිදගේ නමට අදාළ හෝටලය ඉදිකර තිබූ බව වාර්තා වූ අතර ඒ අනුවඅනවසරෙන් ඉදි කළ බව කියන හෝටලය කඩා ඉවත් කර ගෙන තිබෙනවා.
එසේ කඩා ඉවත් නොකලහොත් අදාළ ගොඩනැගිල්ල ඉවත් කරන ලෙස ප්‍රාදේශීයීය ලේකම්වරයා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා.