ශ්‍රී ලංකා - එංගලන්ත තරගය නවතීද? වැස්සෙන් බාධා
තව පැය කිහිපයකින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා සහභාගී වන පළමු තරගය ආරම්භ වීමට ඇත. නමුත් අද (22) පස්වරුවේ මධ්‍යම පළාතට වැසි අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර ඇත.
එසේ වුවද ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගය නැරඹීම සඳහා මේ වනවිටත් ප්‍රේක්ෂකයින් පැල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පැමිණෙමින් සිටින බව තොරතුරු වාර්තා වේ.
එංගලන්ත කණ්ඩායම විසින් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායම් දෙකම අවස්ථා හයකදී එකිනෙක හමුවී ඇති අතර ඉන් අවස්ථා පහකදීම ජය හිමිකරගෙන ඇත.
ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ, 2012 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති තරගය පමණය. ඒ අනුව ශ්‍රී ලංකාව අද තරගබිමට පිවිසෙන්නේ එංගලන්තය හමුවේ වසර 14ක විස්සයි විස්ස ලෝක කුසලාන පරාජ රැල්ලට තිත තැබීමේ අරමුණ ඇතිවය.