අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙයි
අකුරේගොඩදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතැබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව, ඊයේ (21) අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සඳහා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.
මෙම අවසරය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිමිකම් ලත් බලතල අනුව, හෝමගම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් ලබාදී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොළඹ අපරාධ කොඨටාසය සහ විශේෂ විමර්ශන ඒකකය ඇතුළු කණ්ඩායම් 10ක් මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.