ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
ලංකා බැංකුව විසින් සිය ගණුදෙනුකාරභවතුන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ විවිධ Links ඔබට යොමු කරමින් කෙරෙන මූල්‍ය වංචා, නැතිනම් “Phishing Attacks” සම්බන්ධයෙන් ය.
ඒ පිළිබඳව ඔබ දැනුවත්ද?
නොයෙකුත් දිනුම් ඇදීම්, රැකියා අවස්ථාවන්, විවිධ දීමනා සදහන් කරමින්, සමාජ මාධ්‍ය, වෙබ් අඩවි, කෙටි පණිවුඩ, e-mail හෝ Whatsapp, Imo, Viber වැනි මාර්ගගත පණිවුඩ හුවමාරු ක්‍රම හරහා ඔබ වෙත එවනු ලබන ඔබට නුහුරු Links මත Click කීරීමෙන් වළකින මෙන් ලංකා බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔවුන් සඳහන් කළේ මූල්‍ය වංචාවල බිල්ලක් නොවන්න වග බලා ගැනීම තමා සතු වගකීමක් බවයි.
එම නිවේදනය පහතින් දැක් වේ,
