ශිෂ්‍යත්ව ප්‍රශ්න වට්ස්ඇප් දැමූ අය හසුවෙයි. - බලන්නකෝ ඒ අය කවුද කියලා.- ඒ අය ගැන ගත් තීරණය මෙන්න.
            
                
                By Wayomi
            
            
                
                
            
        
    අනුරාධපුර - රත්මල්ලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුලු තිදෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඔවුන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කර වට්සැප් මාර්ගයෙන් උපකාර පන්ති ගුරුවරුන් පිරිසකට යොමු කිරීම හේතුවෙන්.
    
    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවතත්. ? - උත්තර පත්‍ර පරීක්ෂාව නවත්වයි. - අධ්‍යාපන අමාත්‍යාංශය අද ගත් තීරණය මෙන්න.
මේ අතර නිකවැරටිය ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් ඔහුගේ උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට සහ පාසලේ දරුවන් පිරිසකට විභාගයට පෙර දින දෙක තුළදී ලබාදී ඇති බව පවසමින් දෙමව්පියන් පිරිසක් චෝදනා කරනවා.
ඒ සම්භන්ධයෙන් දෙමාපියන් පිරිසක් එක්ව පාසල ඉදිරිපිටදී අත්සන් තබන ලද ලිපියක් නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාට, පාසලේ විදුහල්පතිවරයාට සහ නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට යොමු කර තිබෙනවා.
    
    ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන වේලාව සහ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය ගැන මැකෝ ගෙන් දැනුම් දීමක්.