රජයෙන් ගොවීන්ට සහනයක් - උඩරට අර්තාපල් කිලෝවට රුපියල් 210ක්
උඩරට අර්තාපල් ගොවීන්ගේ අස්වැන්න කුණුකොල්ලයට යෑම වැළැක්වීම සඳහා එක් ගොවියෙකුගෙන් කිලෝග්‍රෑම් 20 බැගින් රජය මිලදී ගැනීමට තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සර්මන්ත විද්‍යාරත්න මහතා පවසයි.
මේ දිනවල උඩරට අර්තාපල් අස්වැන්න නෙළීම ආරම්භ වී ඇති අතර, මිල පහළ යාම නිසා ගොවීන් අසීරුවට පත්ව ඇති බවත්, මෙය වළැක්වීම සඳහා වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගෙන ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
අතර මැදියන්ගෙන් තොරව කිලෝවක් රුපියල් 210 බැගින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ .මෙම අර්තාපල් අස්වැන්න සතොස සහ කාගිල්ස් ෆුඩ් සිටි මගින් රට පුරා අලෙවි කෙරේ.