නිල නොලත් වශයෙන් විදුලිය කපන්න සූදානම් වෙලා අනිවාර්යයෙන් කරන්ට් පැයක් කපනවා...අවුරුද්දෙන් පස්සේ වෙන්න යන විනාසේ - සුජිත්

Report

අද(08) දින පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා විසින් මින් පෙර විපක්ෂය මඟින් සහන පැකේජයක් ලබා දෙන බවට යෝජනා කළ ද එම යෝජනා සියල්ල උපහාසයෙන් බැහැර කළ ආණ්ඩුවම මේ වන විට සහන පැකේජ් ලබා දීමට සූදානම් වන බව පැවසුවා.

කෙසේ වුවද වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී වාතාවරණයට නිශ්චිත පිළියම් නොමැති බවට ආණ්ඩුවට චෝදනා කර සිටි ඔහු ඉදිරියේදී රටේ සිදුවීමට යන විදුලි කප්පාදු සහ ඉන්ධන මිල වැඩිවීම් සම්බන්ධයෙන් ද ආණ්ඩුවට චෝදනා කර සිටියා.

වරදක් වුණත් මම ඒ ගැන අහිතක් නෑ. මම එතුමාට මෛත්‍රී කරනවා - අධිකරණ ඇමතිගේ අසභ්‍ය අභිනයට අජිත් දෙවියෙක් වගේ සමාව දෙයි

වරදක් වුණත් මම ඒ ගැන අහිතක් නෑ. මම එතුමාට මෛත්‍රී කරනවා - අධිකරණ ඇමතිගේ අසභ්‍ය අභිනයට අජිත් දෙවියෙක් වගේ සමාව දෙයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා,

" අද ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල. ඩීසල් මිල ගිහිල්ලා තියෙනවා රුපියල් 600කට ආසන්න සංඛ්‍යාවකට. පෞද්ගලික සමාගම්වලින් වැඩි කරලා තියෙන්නේ. ඒ ගැන අපිට කියන්න මේ කසකාරයෝ ටික පෙරහැරේ එනවා. ඊළඟට සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ සිපෙට්කෝ එක පටන් ගන්නවා. ඒවගේම දැන් නිල නොලත් වශයෙන් විදුලිය කපන්න සූදානම් වෙලා තියෙනවා. දැන් අපි දන්නැති වුණාට කියලා නෑ කපනවා. අනිවාර්යයෙන් පැය කපනවා පැය භාගේ කපනවා. තමුන්නාන්සේලාගේ වැඩ. කියන්නකෝ ජනතාවට ඉදිරියේදී කරන්ට් එක කපන්න සිද්ධ වෙලා තියෙනවා. මේකේ යුද්ධේ බලපෑමක් නෑ. මේක වුණේ තනිකර ගල් අඟුරු බලපෑමක් නිසා. තමුන්නාන්සේලාගේ නොහැකියාව වහගන්න මේ යුද්ධේ පලිහක් වෙලා තියෙනවා.....මේ විගණන වාර්තාව. මේකේ කියලා තියෙනවා දැන් මිලියන කෝටි 224ක් පාඩුව. කවුද මේවා ගෙවන්නේ මේ ඉන්න 159 ද? පැළවත්තෙන්ද? මේව ගෙවන්නේ මේ රටේ අහිංසක ජනතාව. මේ කුමාරවරු දෙන්නා රටට කරපු අපරාධෙන් තමා මේ විදුලි බිල වැඩි වුණේ. වෙන කිසිම හේතුවක් නෙවේ........දැන් ජනාධිපතිතුමා කියනවා මේ පාඩුව ආණ්ඩුව දරාගන්නවලු. යකෝ ආණ්ඩුව දරා ගන්නවා කියන්නේ මිනිස්සුම තමා. තමුන්නාන්සේලා සත පහක් දෙනවද ජනතාවට....දැන් අපි දන්නවනේ එහෙම කියලා ආපු මිනිස්සුන්ගේ තත්ත්වෙ මොකක්ද කියලා. ගෙවල් දොරවල් හදලා, අම්මටහුඩු පිංකම් දන්නවා සමාජ ප්‍රාග්ධනය අන්න ඒසී දාලා තියෙනවා. බලන්න ඕනේ බංගලාවල් දිහා බලනකොට දැන් කියනවා අරහෙන් ගත්තලු මෙහෙන් ගත්තලු වෙන කවුරුහරි ගත්තොත් හොරු" යනුවෙන් පැවසුවා.

නාමල් නඩයක් එක්ක ශ්‍රීපාදය වදින්න යයි

නාමල් නඩයක් එක්ක ශ්‍රීපාදය වදින්න යයි

හෙට දිවයිනේ සියලුම පාසල්වල මෙය ක්‍රියාත්මකයි - පළමු වාර අවසාන පාසල් නිවාඩු ලබාදීමට පෙර සිදු කරන්නැයි දැනුම්දෙයි

හෙට දිවයිනේ සියලුම පාසල්වල මෙය ක්‍රියාත්මකයි - පළමු වාර අවසාන පාසල් නිවාඩු ලබාදීමට පෙර සිදු කරන්නැයි දැනුම්දෙයි