සෙවණගල උක් ටොන් ලක්‍ෂ ගණන් බල්ලට යද්දි ආණ්ඩුවට ගාණක්වත් නෑ - විමල්

Government Of Sri Lanka Latest Headlines Sugar Sinhala news Breaking News
By Kaushi Aug 04, 2025 08:02 AM GMT
Kaushi

Kaushi

Report

ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා විසින් සෙවණගල, පැල්වත්ත, හිඟුරාන සහ ඇතිමලේ උක් ගොවින් බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටින බවත් සීනි මෙට්‍රික් ටොන් 23,000ක් විකුණා ගත නොහැකිව ගොඩ ගැසී ඇති බවත් හෙළි කර ඇත.

ඒ මහතා මේ බව නුගේගොඩ පැවති පුවත්පත් සාකච්ජාවකදී සඳහන් කර ඇති බව වාර්තා වේ.

මෙහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ,

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

“දැන් මාස ගණනාවක් තිස්සේ පැල්වත්ත, සෙවණගල, හිඟුරාන සහ ඇතිමලේ ප්‍රදේශවල උක් ගොවින් ඉන්නේ බරපතළ ගැටලු ගොඩක් එක්ක. දැන් කාලයක් තිස්සේ ඔවුන් මේ ප්‍රශ්නය අදාළ බලාධාරීන් එක්ක සාකාච්ඡා කළත් තවමත් ගැටලුවට විසඳුමක් ලැබිලා නෑ. මේ වෙද්දී සීනි මෙට්‍රික් ටොන් 23,000ක් විකුණගන්න විදිහක් නැතුව ගොඩගැහිලා. එතනෝල් විශාල ප්‍රමාණයක් තියනවා විකුණා ගන්න විදිහක් නෑ. අනිත් පැත්තෙන් උක් වගාවට පොහොර යොදන්න ඕන කාලේ ඇවිත්, නමුත් ගොවීන්ට පොහොර ටික ගන්න විදිහක් නෑ. පැළ තවාන් නඩත්තු කරගන්න විදිහක් නෑ. ඒ කියන්නේ ඊළඟ කන්නයේ වගාවට අවශ්‍ය බීජ ටිකවත් ගොවීන්ට ලැබෙන්නෙ නෑ. අපි දන්නවා උක් වගාවෙදි සාමාන්‍යයෙන් අවුරුදු තුන හතරකට සැරයක්වත් බිම සකස් කිරීම කරන්න ඕන. හැබැයි ඒ සඳහා අවශ්‍ය වන යන්ත්‍ර සූත්‍ර ටිකවත් අද ගොවීන්ට නෑ. ඒ වගේම තමයි විකුණපු උක් අස්වැන්නේ සල්ලිවත් ගොවින්ට ලැබිලා නෑ. දැන් රටේ උක් ගොවියන් ඉන්නේ මේ වගේ බරපතළ ප්‍රශ්න ප්‍රමාණයක් එක්ක.

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

මේ කන්නයේදී හිඟුරාන ප්ලාන්ටේශන් එකේ ගොවීන් අක්කර 65,000ක් වගා කළා. දැන් ඒකෙන් උක් ටොන් දෙලක්ෂ පනස්දාහක් අඹරගන්න බැරුව ඉතුරු වෙන්න නියමිතයි. පසුගිය මාර්තු මාසේ කපන්න තිබ්බ උක් අස්වැන්න තමයි මේ වෙද්දි සෙවණගල ගොවීන් කපන්නේ. ඒ උක් ගස්වල සාරවත් බව දැන් ගිහිල්ලා. ඒ උක් ගස්වල දැන් අවශ්‍ය සීනි ප්‍රමාණය නෑ. මෙච්චර ප්‍රශ්නයක් වෙලත් ආණ්ඩුවට උක් ගොවීන් ගැන කිසිදු තැකීමක් නෑ. අපි දැක්කා පසුගිය සිකුරාදා සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා මොණරාගල දිස්ත්‍රික් කමිටු රැස්වීමට සහභාගි වුණා. නමුත් උක් ගොවින් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළාට පස්සේ ඒ සඳහා නිශ්චිත විසඳුමක් දෙන්න ඔහුට හැකියාවක් තිබුණේ නෑ. ඇමැතිවරයා කිව්වේ තව සති තුනක් ඉවසන්න කියලා, දැන් ඇමතිවරයාගේ උත්තරේ අනුව අපිට පැහැදිලියි ඔහු මේ කියන්නේ දැනට ලංකාවට ගෙන්නලා තියෙන එතනෝල් ඉවර වෙනකල් ගොවීන්ට බලාගෙන ඉන්න කියලා. ඊට පස්සෙ සීනි සමාගම්වල එතනෝල් විකුණගන්න.

අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

නමුත් අපි දන්නවා ඇමතිවරයා කියන විදිහට සතියෙන් දෙකෙන් එතනෝල් ඉවර වෙලා ඉබේටම විසඳන ප්‍රශ්නයක් නෙවෙයි මේක. මොකද දැනටමත් විශාල එතනෝල් ප්‍රමාණයක් ලංකාවට ගෙන්නලා ඉවරයි. අනික් පැත්තෙන් දැනට බඩ ඉරිඟු විශාල ප්‍රමාණයක් ගෙන්නනවා. උක්වලට වඩා අඩු වියදමකින් බඩ ඉරිගු මගින් එතනෝල් නිෂ්පාදනය කරන්න පුළුවන්. එකනිනුත් පහර වදින්නේ උක් ගොවීන්ට. අනිත් එක තමයි මේ වෙද්දී කුඹුරුවල ගොයම් කැපෙනවා” යනුවෙන්.

අදත් වාර්තාගත ලෙස වෙනස් වූ රන් මිලේ අගයන් මෙන්න

අදත් වාර්තාගත ලෙස වෙනස් වූ රන් මිලේ අගයන් මෙන්න

ReeCha