ඔක්තෝබර් මාසයේ සියලුම රාජ්‍ය සේවකයින්ට රු. 3000 ක විශ්‍රාම වැටුප් දීමනාව අහිමි වෙයි.?

Anura Kumara Dissanayaka Government Employee Government Of Sri Lanka Department of Pensions Pensioner Associations
By Wayomi Oct 03, 2024 06:44 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය රජය විසින් විශ්‍රාමිකයින් වෙත ලබා දෙන ලද රු. 3000 ක විශ්‍රාම වැටුප් දීමනාව මෙවර විශ්‍රාම වැටුප සමඟ ද ගෙවීම සිදු නොවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කොට සිටිය දී, විශ්‍රාම වැටුප වැඩි කිරීම මගින් අපේක්ෂක ප්‍රවර්ධනයක් සිදු වන බව පවසා එය මැතිවරණ කොමිසම විසින් නවතා දමන ලදී.

ඔවුන් පැවසූවේ ඔක්තෝබර් මස එම මුදල් විශ්‍රාමිකයින් වෙත ලබා දෙන බවයි.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

හිටපු ජනාධිපතිවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ වරප්‍රසාද ඉවත් කරන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක්.

හිටපු ජනාධිපතිවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ වරප්‍රසාද ඉවත් කරන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක්.


කෙසේ වෙතත් නැවතත් මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් වී ඇති බැවින් මෙවර විශ්‍රාම වැටුප සමඟ ද එම මුදල් නිදහස් කිරීමක් මේ දක්වාම සිදු වී නොමැත.

විශ්‍රාමික වැටුප් වැඩි කළ රනිල් වික්‍රමසිංහ හිටපු මුදල් අමාත්‍යවරයා ද, වත්මන් මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක ද, මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැත. එබැවින්, විශ්‍රාමිකයින්ට හිමි විය යුතු මේ මුදල ගෙවීමෙන් කිසිදු අපේක්ෂක ප්‍රවර්ධනයක් සිදු නොවන බවයි බොහෝදෙනෙකුගේ මතය වී ඇත්තේ.

අනෙක් අතට පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මේ වන විටත් අධිකරණ නියෝගයක් ලැබී ඇත. මහා මැතිවරණ අවසානයේ දී පළාත් පාලන ඡන්දය කැඳවීම සිදුවන්නේ නම් තවත් මාස ගණනකට වැඩි කළ වැටුප හිමි නොවීමේ අවදානමක් ද පවතී.

ජනාධිපති අනුරගේ මවගේ නිවසටත් පොලිස් ආරක්‍ෂාව.?

ජනාධිපති අනුරගේ මවගේ නිවසටත් පොලිස් ආරක්‍ෂාව.?


මැතිවරණ කොමිසම විසින් ලබා දී ඇති මෙම තීරණයේ නීත්‍යානුකූල භාවය ප්‍රශ්න සහගතය. පොහොර සහනාධාරය ලබා නොදීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මැතිවරණ කොමිසම වෙත දැක්වීමත් සමඟ ඊයේ දිනයේ පොහොර සහනාධාරයෙන් කොටසක් ගෙවීමට ඊයේ දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කළා.

විශ්‍රාමික සමිති රැසක් අප රටේ පවතී. එමෙන්ම පසුගිය මැතිවරණ සමයේ දී සෑම ප්‍රධාන අපේක්ෂකයෙකුම විශ්‍රාමිකයින්ට විවිධ පොරොන්දු රැසක් ලබා දෙනු ලැබුවා.

මේ මස ගෙවීමට නියමිත ඇති නමුත් මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති විශ්‍රාම වැටුපට එකතු වූ රු 3000 ක මුදල ලබා ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයක් තවමත් මැදිහත් වී නොමැත.

- රජිත් කීර්ති තෙන්නකෝන් -   

ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.

ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.

සමගි ජන බලවේගයේ සහය අනුරට.? - මෙන්න මහා මැතිවරණයේ ප්ලෑන් එක අද එළියට දායි. - (VIDEO)

සමගි ජන බලවේගයේ සහය අනුරට.? - මෙන්න මහා මැතිවරණයේ ප්ලෑන් එක අද එළියට දායි. - (VIDEO)