බොරලැස්ගමුවේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය හමුවේ.

Report

පසුගියදා බොරලැස්ගමුව මාලනී බොලස් සිංහල මාවතේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සිදුවිය.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අවස්ථාවේදී වෙඩික්කරුවන් පැමිණී ත්‍රී රෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව බොරලැස්ගමුව පොලිසියය පවසයි.

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

එම ත්‍රිරෝද රථය තුළ තිබී කළු පැහැති ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට්ටුවක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත. බොරලැස්ගමුව  ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවස වෙත පැමිණෙමින් සිටි අයෙකු ඉලක්කකර ඊයේ රාත්‍රී 12.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස පන්සල පාරේ පදිංචි ගිහාන් දුලාන් පෙරේරා නොහොත් චොප්පේ නමින් හඳුන්වන 21 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි.

රනිල් වෙනුවෙන් ඉන්දීය නායකයෙක් පෙරට - විශේෂ සටහනක් එකතු කරලා

රනිල් වෙනුවෙන් ඉන්දීය නායකයෙක් පෙරට - විශේෂ සටහනක් එකතු කරලා

මේ අතර වෙඩි තැබීමෙන් ඔහු සමග පැමිණි 28 හැවිරිදි තවත් පුද්ගලයෙකුද තුවාල ලබා රෝහල්ගත කළ අතර එම තැනැත්තාගේ අතෙහි ඇඟිලි දෙකකට තුවාල සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස් මල්ලි නැමැත්තාගේ ඥාතියකු වන අතර දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ සමීපතමයකු සමග සංගීත සංදර්ශනය අතරතුර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහින්දගේ අත්අඩංගුව ගැන ආරක්ෂක ඇමති කට අරී

මහින්දගේ අත්අඩංගුව ගැන ආරක්ෂක ඇමති කට අරී

එම සිදුවීමට පළිගැනීමක් වශයෙන් සංගීත සංදර්ශනය නිමවී තවත් පිරිසක් සමග මරණකරු නිවස බලා පාගමනින් පැමිණෙන අතරතුර මෙලෙස වෙඩි තැබීම සිදුකරන්නට ඇති බව පොලිසිය සැක පල කරයි. කෙසේ වෙතත් වෙඩි තැබීමට සම්බන්ධ කිසිවෙකුත් මේවන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.