රත්තරන්වලටත් නරක කාලයක් - කැරට් 24 රන් පවුමක් ලක්ෂ හතර පැන්න ගමන් මෙරට රත්තරන් අලෙවිය කඩා වැටෙයි
ලෝක වෙළෙඳ පොළේ රන් මිලට සාපේක්ෂව මෙරට ස්වර්ණාභරණ වෙළෙඳ පොළේ රන් මිල ගණන් ඉහළ යාම නිසා ස්වර්ණාභරණ අලෙවිය සියයට 25 ක් දක්වා පහත වැටී ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්‍රමනියම් මහතා සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ වෙළෙඳ පොළේ කැරට් 24 ක රන් පවුමක මිල ඊයේ (08 වැනිදා) සටහන් වූයේ රුපියල් 405,000 ක් වශයෙන්.
එය පෙරේදා (07 වැනිදා) දිනයට සාපේක්ෂව රුපියල් 7,000 මිල ඉහළ යාමක් විය.