සා.පෙළ ලියු සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - වහාම අයදුම් කරන්න අද 12න් අවසන්
මෑතකදී ප්‍රතිඵල නිකුත් කෙරුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය අද (08) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. '
විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රී 12.00න් පසුව ලැබෙන කිසිදු අයදුම්පතක් කිසිදු හේතුවක් මත භාර නොගන්නා අතර, මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කළ යුතු බවයි.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම (DoE Mobile App) මඟින් සිසුන්ට මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ට ද මේ සඳහා අයදුම් කළ හැකිය.
හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
ප්‍රතිඵල පිළිබඳව යම් ගැටලුවක් පවතී නම්, නියමිත ගාස්තු ගෙවා අදාළ විෂයන් සඳහා නැවත සමීක්ෂණ අයදුම්පත් කඩිනමින් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් හෝ සහයක් අවශ්‍ය වන්නේ නම්, විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් අවශ්‍ය මඟපෙන්වීම් ලබාගත හැක.