A/L ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ දින තීන්දුයි - ප්‍රවේශ පත්‍ර නොලැබුණොත් කරන්න ඕන දේ මෙන්න

Report

2026 අ.පො.ස. (උසස් පෙළ) ගෘහ ආර්ථික විද්‍යා විෂය සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ, ඔක්තෝබර් 10 සිට 20 දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 44කදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන්නේ අදාළ විභාගයේ ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි අපේක්ෂකයින් සඳහාය. පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යවා ඇති බවත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ අයදුම්පත්වල සඳහන් ලිපිනයන් වෙත තැපැල් මගින් යවා ඇති බවත් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තමන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයින්ට ඔක්තෝබර් 7 වන දින සිට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ඒවා බාගත කරගත හැකිය.

වැඩිදුර විස්තර සඳහා අපේක්ෂකයින්ට 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 2784208 සහ 011 2784537 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැකිය.

හිඟ විශ්‍රාම වැටුපට විශේෂ වැඩපිළිවෙලක් - මාස 7ක විශ්‍රාම වැටුපට වෙන දේ මෙන්න

හිඟ විශ්‍රාම වැටුපට විශේෂ වැඩපිළිවෙලක් - මාස 7ක විශ්‍රාම වැටුපට වෙන දේ මෙන්න

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ සංඝ සභාවට විතරයි- කොටපිටියේ රාහුල හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ සංඝ සභාවට විතරයි- කොටපිටියේ රාහුල හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්