ප්‍රදේශ 48 ගෑසුත් නැති වෙයි - විශේෂ නිවේදනයක්

Report

පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ සිදුවු ආපදා නිසා කොළඹ, බදුල්ල, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ 48ක් සඳහා ගෑස් බෙදාහැරීමට බාධා ඇති ව තිබෙනවා.

එසේම එම ප්‍රදේශවල පැවති මාර්ග අවහිරතා හේතුවෙන් මෙම බාධාව හට ගෙන ඇති බව සඳහන්.

එබැවින් නිවේදනයක් නිකුත් කරමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කළේ එම අවහිරතා පිළිසකර කර කඩිනමින් ගෑස් බෙදාහැරීමට කටයුතු කරන බවයි.

මේ අතර රටේ සියලූම ප්‍රදේශවලට අඛන්ඩව LP ගෑස් ලබාදීම, ලිට්‍රෝ ගෑස් සමාගම මඟින් තහවුරු කර ඇති බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් තීරණයක්

ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් තීරණයක්

ඒ අනුව සාමාන්‍ය දිනයකදී දිනකට සපයන ගෑස් සිලින්ඩර් 75,000ක ප්‍රමාණය අද දින වන විට 91,000 දක්වා වැඩි කරමින් පෙර දිනවල පැවති අඩුපාඩු මඟහරවා ගැනීමට කටයුතු යොදා ඇති බව දක්වයි.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන මණ්ඩලයට යථාවත් කර ගැනීමට අපහසු තත්ත්වයේ වූ ජල සම්පාදන ක්‍රම 5ක් මාර්ග සංවර්ධන අධිකාරියේ සහාය ඇතිව පිළිසකර කිරීමට කටයුතු යොදා තිබෙනවා.

රට පුරා සමස්ථ ජල සම්පාදන ගෘහස්ථ සම්බන්ධතා 2,947,833ක් අතුරින් තවදුරටත් 387,964ක් පිළිසකර කිරීම සඳහා පියවර ගැනෙමින් පවතින අතර, මහනුවර දිස්ත්‍රික්කයේ 66.8%, කෑගල්ල දිස්ත්‍රික්කයේ75.09% , කුරුණෑගල 41.34%, පුත්තලම දිස්ත්‍රික්කයේ 52.82% ක් ඒ අතර වන බව සඳහන්.

රටේ දුරකථන සන්නිවේදන මාර්ග පිළිබඳව සිදුකරන ලද ආපදා තක්සේරුව මඟින් 20%ක දුරකථන සන්නිවේදන අවහිරතාවයක් පවතින බව හඳුනාගත් අතර මින් වැඩිම ප්‍රමාණය පුත්තලම දිස්ත්‍රික්කය සහ අම්පාර දිස්ත්‍රික්කවලයි.

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

එසේම එම ප්‍රදේශවල විදුලි සම්බන්ධතාවයන් නැවත පනගැන්වූ වහාම සාමාන්‍ය තත්වයට පත් කිරීමට කටයුතු යොදා ඇත.

මේ අතර මින් ඉදිරියේදී සන්නිවේදන සම්ප්‍රේෂණය, විදුලිය බිඳ වැටීමකදී අඩාල නොවන ආකාරයට අදාළ තාක්ෂණික විකල්පයන් වහා හඳුන්වා දිය යුතු බව හඳුනාගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමු කර තිබෙනවා.

ඊට අමතරව තවදුරටත් ආහාරපාන සපයා ගැනීමට අසීරු, ගොඩබිම් ප්‍රවේශ අවහිර වී ඇති ස්ථාන වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ලබා ගනිමින් ආපදාවට ලක්වූවන්ට ආහාරපාන ලබා දීමට කටයුතු යොදා ඇත.

පානිය ජලය ගැන විශේෂ දැනුම්දීමක්

පානිය ජලය ගැන විශේෂ දැනුම්දීමක්