අලුත් ආණ්ඩුව ආවා විතරයි.. ඉන්ධන ලීටරයක් රු.25කින් ද.. භූමි තෙල් ගැනත් ගත්ත තීරණය.. මාසෙන් මාසෙටම..

Fuel Price In Sri Lanka Anura Kumara Dissanayaka Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Sep 29, 2024 06:50 PM GMT
krishani

krishani

Report

ඉන්ධන ලීටරයකට රුපියල් 25 ක සහනාධාරයක් දීමට ලබන ඔක්තෝබර් පළමුවැනි දා සිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ටයි.

සා.පෙළ ප්‍රතිඵල එනකොට උසස් පෙළ විභාගය ගැන රටටම දැනුම්දීමක්.. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන්..(VIDEO)

සා.පෙළ ප්‍රතිඵල එනකොට උසස් පෙළ විභාගය ගැන රටටම දැනුම්දීමක්.. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන්..(VIDEO)


ඒ බව සමස්ථ ලංකා පොදු ධීවර සමිති සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අම්බලන්ගොඩ ධීවර වරාය සංකීර්ණයේ පැවති ධීවර ජන හමුවක දී ය.

ඒ අනුව වත්මන් ජනාධිපතිතුමා ඇතුළු රජය මේ රටේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ධීවර ජනතාවට සහන රැසක් ලබාදීමට ද කටයුතු කර ඇති බව ඔහු පැවසීය.

තව හෝරා කිහිපයයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ලංකාවම ආසාවෙන් බලන් ඉන්න, ඒ සුබ ආරංචිය වෙන්න..

තව හෝරා කිහිපයයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ලංකාවම ආසාවෙන් බලන් ඉන්න, ඒ සුබ ආරංචිය වෙන්න..


ඒ අනුව ඔක්තෝබර් මාසයේ පළවෙනිදා සිට සියලුම ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කරනු ඇත.

මෙම ඉන්ධන සහනාධාරය බහුජන යාත්‍රා සඳහා ධීවර වරායෙන් එම යාත්‍රාව පිටවීමට පෙර යාත්‍රාවට ඇතුළත් කරන ඩීසල් ලීටර් එකට රුපියල් 25 බැගින් සහනාධාරයක් ලබාදීමට කටයුතු කරයි.

එසේම, කුඩා යාත්‍රා සඳහා සෑම භූමි තෙල් ලීටර් 15කටම ලීටරයට රුපියල් 25 බැගින් ද ඒ වගේම දින 25ක් සඳහා භූමිතෙල් සහනාධාරයක් ලබා දෙයි.

ඒ බැවින් ධීවරයන්ට රුපියල් 9375ක ඉන්ධන සහනාධාරයක් මාසිකව ලැබෙයි.

අනුර ආවා විතරයි, තව දවස් 2යි.. ලංකාවටම සතුටු වෙන්න පුලුවන් ආරංචියක්.. හා හා පුරා කියලා, IMF එක කරන්න යන දෙය මෙන්න..

අනුර ආවා විතරයි, තව දවස් 2යි.. ලංකාවටම සතුටු වෙන්න පුලුවන් ආරංචියක්.. හා හා පුරා කියලා, IMF එක කරන්න යන දෙය මෙන්න..


මේ ක්‍රමවේදයට අදාළ ධීවර වරායන් තොටුපොලවල් ආශ්‍රිතව කටයුතු කරන නිලධාරීන් හරහා සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

එමෙන්ම, වැඩිදුරටත් අදහස් දැක්වූ රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ, ඉන්දි‍යාවේ ධීවර ආක්‍රමණ නිසා ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති තුමා විසින් කඩිනමින් පිළියම් ලබාදෙන බවයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%