ඉතා තියුණු තරගයකින් පසු ඉන්දු - පාකිස්ථාන තරගයේ ජය ඉන්දියාවට ..

Indian Cricket Team Pakistan national cricket team Sports T20 World Cup 2024
By Piyumika Jun 10, 2024 03:20 AM GMT
Piyumika

Piyumika

Report

T-20 2024 ලෝක කුසලානයේ බොහෝ දෙනෙකු බලා සිටි  ඉන්දු - පාකිස්ථාන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව අද (10) සමත් විය . ඒ ලකුණු 06කින් පාකිස්ථානය පරාජයට පත් කරමිනි .

ලග්න කිහිපයකට අද එතරම් සුබ නෑ - හේතුව මෙන්න මේකයි..

ලග්න කිහිපයකට අද එතරම් සුබ නෑ - හේතුව මෙන්න මේකයි..

තරගාවලියේ 19වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 08.00ට Nassau County International Cricket Stadium, New York හිදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළේය .

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පළමු පන්දුවාරය අවසන් වී ලකුණු 08ක් ලබා සිටියදී හදිසියේ හට ගත්  වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නැවැත්වීමට සිදුවූ අතර අනතුරුව නැවතත් තරගය ආරම්භ වීමෙන් පසු පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස විරාට් කෝලි ලකුණු 04 (03) කට දවා ගැනීමට පාකිස්ථාන පන්දු යවන්නන්ට හැකි විය .

එකම ධාවන පථයේ යානා දෙකක් එකවර ධාවනය වෙලා..

එකම ධාවන පථයේ යානා දෙකක් එකවර ධාවනය වෙලා..

එහිදී ඉන්දියාව වෙනුවෙන් Rishabh Pant ලකුණු 42 (31)ක් ලබා ගත් අතර, Axar Patel ලබා ගත්තේ ලකුණු 20 (18)ක් පමණි . නායක රෝහිත් ශර්මා ලකුණු 13 (12) කට දැවී ගිය අතර, ඔහු ඇතුළු වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට හෝ ලඟා වීමට නොහැකි මට්ටමට පාකිස්ථාන පන්දු යවන්නන් විසින් ඉන්දීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ලකරනු ලැබීය .

පාකිස්ථානයේ දක්ෂ පන්දු රැකීම හමුවේ අසරණ වූ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 119ක් පමණය. එහිදී පාකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Naseem Shah සහ Haris Rauf කඩුලු 3 බැගින් ද, Mohammad Amir කඩුලු 02ක්ද, Shaheen Shah Afridi එක් කඩුල්ලක්ද බිඳ හෙලන ලදී .

හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකුගේ තොරතුරකට රන් සොයා ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පහක් අත්අඩංගුවට..

හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකුගේ තොරතුරකට රන් සොයා ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පහක් අත්අඩංගුවට..

අනතුරුව ලකුණු 120ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමටද ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අසරණ වෙමින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 113ක් පමණි .

පන්දුවට පහරදීමේදී පාකිස්ථාන කණ්ඩායමේ නායක Babar Azam ලකුණු 13 (10) ක් ද, Usman Khan ලකුණු 13 (15) ක්ද, Fakhar Zaman ලකුණු 13 (08), Mohammad Rizwan ໖ 31 (44) ක්ද, Imad Wasim ලකුණු 15 (23) ක්ද, පාකිස්ථානය වෙනුවෙන් රැස් කරණ ලදී .

ඉන්දීය කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Jasprit Bumrah කඩුලු 03ක්ද, Hardik Pandya ໑໖ 0254, Axar Patel 5 Arshdeep Singh එක් කඩුල්ල බැගින්ද දවා ගන්නා ලදී .

සමුද්‍ර කෞතුකාගාරයේ ආදායමේ ලක්ෂ 16කට මොකද උනේ..

සමුද්‍ර කෞතුකාගාරයේ ආදායමේ ලක්ෂ 16කට මොකද උනේ..

T-20 2024 ලෝක කුසලානයේ 21 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 08.000 Nassau County International Cricket Stadium, New York හිදී පැවැත්වීමට නියමිතයි.