හුංගම වෙළෙඳසැලක හිමිකරුවෙකුට වෙඩි ප්‍රහාරයක් ..

By Piyumika Jun 10, 2024 03:19 AM GMT
Report

හුංගම තිස්ස පාර, රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් මියගොස් තිබේ.

අදත් දුම්රිය ගමන්වාර ප්‍රමාණයක් අවලංගු වෙයි - මගීන්ට දැනුම්දීමක් මෙන්න.

අදත් දුම්රිය ගමන්වාර ප්‍රමාණයක් අවලංගු වෙයි - මගීන්ට දැනුම්දීමක් මෙන්න.

මෙලෙස ඊයේ (09) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකි.

මෙම පුද්ගලයා ව්‍යාපාරයක් වශයෙන් හාඩ්වෙයාර් වෙ‍ළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊයේ රාත්‍රියේ ඔහු පළමු මහ‍ලේ සිට බිම් මහලට බැස ඇති අවස්ථාවේ වෙඩි වැදීම සිදුව ඇති බව සඳහන් වේ.

සමුද්‍ර කෞතුකාගාරයේ ආදායමේ ලක්ෂ 16කට මොකද උනේ..

සමුද්‍ර කෞතුකාගාරයේ ආදායමේ ලක්ෂ 16කට මොකද උනේ..

පොලීසිය පැවසුවේ, මෙම වෙඩි වැදීම මනුෂ්‍ය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙ‍‍‍තෙක් කරුණු අනාවරණය වී නොමැති බවය. හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.