ජොන්ස්ටන්ට සහ පුතාට චෝදනා ලැයිස්තුවක් මෙන්න
අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහ දැනට අත්අඩංගුවේ පසුවන ඔහුගේ පුත්‍රයාට චෝදනා 16ක් යටතේ චෝදනා එල්ල වී ඇත.
අදාළ චෝදනා යටතේ ජොහාන් ප්‍රනාන්දු ඊයේ (30) දිනයේ අත්අඩංගුවට ගෙන අද වත්තල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
තවද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු සඳහා විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර ඒ අනුව ඔවුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා 16 පහතින් දැක්වේ. 01. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නිර්නාමික පැමිණිලිකරුවෙකු විසින් 2015.11.12 වන දින පැමිණිල්ලක් යොමු කරමින් කරුණු පහක් ඉදිරිපත් කර ඇත.