අත්අඩංගුවට ගන්න ජොන්ස්ටන් හොයද්දි ජොනිගේ පුතා අධිකරණයට

Report

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු වත්තල අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සතොසට අයත් ලොරි රථයක් ජොහාන් ප්‍රනාන්දු මහතා අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන්. එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාතමක වේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතා රිමාන්ඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී හා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ සතොස යටතේ පැවති ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමේ කටයුතු වෙනුවෙන් යොදවා ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ජොන්ස්ටන් ආ ගිය අතක් නෑ - හොයන්න පොලිස් කණ්ඩායම් විශේෂ පහක් යොදවයි

ජොන්ස්ටන් ආ ගිය අතක් නෑ - හොයන්න පොලිස් කණ්ඩායම් විශේෂ පහක් යොදවයි

ඒ අඳාළ සිදුවීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් රජයට අහිමිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.  

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතා අත්අඩංගුවට

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතා අත්අඩංගුවට