මොරටුවෙත් ගින්නක්, ගෙවල් දෙකක් සම්පූර්ණයෙන්ම අළු වෙලා
By Kaushi
මොරටුව මොරටුමුල්ල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත සීවලී මාවත මොල්පේ සමරකෝන් ඉඩම ප්‍රදේශයේ නිවාස දෙකක් සම්පූර්ණයෙන් ගිනිගෙන, ඒ ආසන්නයේම තිබූ වඩුමඩුවක්ද සම්පූර්ණ විනාශ වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව නිවාස දෙකෙහි නිවැසියන් නොසිටි අවස්ථාවක් මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
එසේම මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න සම්පූර්ණ මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බව පවසයි.
මේ අතර ගින්න හටගන්නා අවස්ථාවේදී එම නිවසේ ගැට ගසා සිටි සුරතල් බල්ලෙක්ද අවාසනාවන්ත ලෙස එම ගින්නට හසුව මියගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැති බව පවසයි.