වසර 164ක් පැරණි විවාහ නීතියක් වෙනස් කරයි.- වැඩේ වැරදුණොත් පිරිමින්ට වසර 10ක් දක්වා සිරදඬුවම් සහ දඩ.
By Wayomi
වසර 164ක් පැරණි යටත් විජිත යුගයේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ රජය විසින් ඉන්දියාවට නව නීති සංග්‍රහයක් හඳුන්වා දී තිබෙනවා.
එම නීති සංග්‍රහයේ 69වන වගන්තියට අනුව කාන්තාවක් සමඟ ලිංගිකව එක්වීමෙන් පසු විවාහ පොරොන්දු වංචනික ලෙස කඩ කරන පිරිමින්ට වසර 10ක් දක්වා සිරදඬුවම් හා ඊට දඩයක් ගෙවීමට යටත් වේ.

15වෙනිදා ට පෙර ආදායම් බදු ගෙවීම් ගැන විශේෂ දැනුම් දීමක්. - දඩ සහ පොලී ගෙවීම් වලින් බේරෙන හොඳම විදිහ මෙන්න.
ඒ, අනුව මේ සම්බන්ධයෙන් කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් විසින් රජයට සිය ප්‍රශංසාව පළකර ඇති අතර ඉන්දියාව බොහෝවිට ලිංගික අපයෝජනයන් බරපතළ සමාජ ප්‍රශ්නයක්ව පවතින හෙයින් කාන්තාවන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම නව නිතිය හඳුන්වා දී ඇත.
ඉන්දියාවේ කුල ක්‍රමය නිල වශයෙන් 1950 දී අහෝසි කරන ලද නමුත් වසර 2000ක් පැරණි සමාජ ධුරාවලිය තවමත් බොහොමයක් පැතිවල පවතින අතර විවාහය ප්‍රධානතම කරුණකි.