මේ දේ නොකලොත් අපේක්ෂකයින් 29දෙනා බැදපු ඇප මුදල් රාජසන්තක කරන්නේ මෙහෙමයි.
2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 29ක් වන අතර අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන බදාදා (14) දහවල් 12ට අවසන් වීමට නියමිතයි.
මෙලෙස ඉදිරිපත්වන අපේක්ෂකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන්නේනම් මෙවර මැතිවරණය සඳහා වැයවන මූදලද ඉහළ යනු ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.
1994 වසරේ සිට මේ දක්වා පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම්වලදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයෙකු ලබාගෙන ඇති ඉහළම ඡන්ද ප්‍රතිශතය සියයට 4.08කි.
ඒ 2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලක මහතා විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයයි.
එමෙන්ම ආසන්නතම ජනාධිපතිවරණය වන 2019 වසරේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අමතරව අතිරේක අපේක්ෂකයින් 33 දෙනාටම ලබාගත හැකිවූයේ 2.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
ඒ අනුව 2%ක වත් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි ඉතිරි අපේක්ෂකයින් සියලුදෙනාගේම ඇප මුදල් සියල්ල රාජසන්තක වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැහැදිලි කරනවා.
