උසස් පෙළ ලියන්න හීන මවපු සිසුවියට තාත්තා කරපු අපරාධේ දැන් හරිනේ හිරේ ඉන්නයි වෙන්නේ

Report

බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දින (11) මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකගේ පොත්පත් සහ ඇඳුම් පැළඳුම් ගිනිතැබුවේ යැයි කියන එම සිසුවියගේ පියා ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බලන්ගොඩ සමනලවැව පොලිස් වසමේ සීලගම ගිල්ම ප්‍රදේශයේ පදිංචි වඩු කාර්මිකයෙක් බව වාර්තා වේ.

පියා නිවසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් හදි කරලා

පියා නිවසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් හදි කරලා

සමනළවැව පොලිසිය අධිකරණයට වාර්තා වී ඇත්තේ මෙම සැකකරු බිරිඳ සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් ‍(09) රාත්‍රී ඔවුන් පදිංචි නිවෙස ගිනි තබා ඇති බවත් එහිදී මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔහුගේ දියණියගේ පෙත්පත් සහ ඇඳුම් පැළඳුම් ගිනිගෙන විනාශ වී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ මොහුගේ මෙම හැසිරීම හේතුවෙන් ඔහුගේ බිරිය සහ දරුවන් නිවෙස අතහැර වෙනත් ඥාති නිවෙසක සිටි අවස්ථාවේදී සැකකරු නිවෙසට පැමිණ මෙලෙස ගිනි තබා තිබූ බවයි.

මොන අපරාධයක්ද ? පාඩම් පොත උඩම පණ ගිය උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවේ

මොන අපරාධයක්ද ? පාඩම් පොත උඩම පණ ගිය උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවේ

සැකකරුගේ දියණිය මෙවර උසස් පෙළ ව්භාගයට පෙනී සිටින බැවින් ඇයගේ ව්භාග ප්‍රවේශ පත්‍රය සහ එක් ගවුමක් මෙන්ම පොත්පත් කිපයක් පමණක් රැගෙන මෙදින රාත්‍රි මව සමඟ නිවෙසින් ගොස් තිබූ බවත් ගින්නෙන් එම සිසුවියගේ අනෙක් සියළු පොත්පත් විනාශ වී ඇති බවත් වාර්තා විය.

මෙම සැකකරු බීමතින් පැමිණ නිවෙසේ අඩදඹර කරගන්නා අයෙක් වන බවත් මෙදිනද එලෙස අඩදබර කර ගන්නා අවස්ථාවේදී පොලීසියට ලද තොරතුරකට අනුව නිලධාරියෙක් එම නිවෙසට ගිය අතර එහිදී සැකකරු බීමතින් නිදාගෙන සිට ඇති අතර ‘දැන් ප්‍රශ්නයක් නෑ’ යනුවෙන් ඔහුගේ බිරිඳ පැවසූ බැවින් පොලිස් නිලධාරියා ආපසු හැරී පොලිසියට පැමිණි බවත් අධිකරණයේදී හෙළි විය.

මට වැඳලා ඉස්කෝලේ ගිය මගේ කොල්ලා තාම ආවේ නෑ දෙයියනේ උදෙන්ම කුස්සියට එන දරුවා තාම ආවේ නෑ

මට වැඳලා ඉස්කෝලේ ගිය මගේ කොල්ලා තාම ආවේ නෑ දෙයියනේ උදෙන්ම කුස්සියට එන දරුවා තාම ආවේ නෑ

ඉන්පසු සැකකරුගේ බිරිය සිය දියණිය උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බැවින් ඇයත් රැගෙන ඥාති නිවෙසට ගොස් ඇති බවත් තම ස්වාමියාගේ චර්යාව අයහපත් බැවින් එලෙස නිවෙසින් ගිය බවත් ඇය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඉකුත් (09) වැනිදා රාත්‍රි දහයට පමණ නි‍වෙසක් ගිනි ගන්නා බවට සමනළවැව පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් එම ස්ථානය පැමිණෙන විටත් නිවෙසෙන් අඩක් පමණ ගිනි ගෙන ඇත.

මෙම සැකකරු මුලින් පවසා ඇත්තේ තම නිවෙස වෙනත් කිසිවකු හෝ ගිනි තබා ඇති බවත්, පසුව කළ පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී එය තමන් විසින්ම සිදුකළ බවට පිළිගනු ලැබ තිබූ බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් තම නිවෙස ගිනිගෙන පොත්පත් හා ඇඳුම් පැළඳුම් විනාශ වී තිබුණත් එම සිසුවිය (10) සහ (11) උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට ඇති බවට වාර්තා වෙනවා.

Gallery