මොන අපරාධයක්ද ? පාඩම් පොත උඩම පණ ගිය උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවේ
දඹුල්ල ප්‍රදේශයේ ඊයේ හදිසියේම මියගොස් සිටි මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසුවියගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවට තහවුරු වී ඇත.
ඊයේ දින දඹුල්ල මූලික රෝහලේ දී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව අනාවරණය වී ඇත.
සිසුවිය වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවටද හෙලිව ඇත. මෙලෙස සියදිවි නසා ගත් සිසුවිය මෙවර උසස් පෙළ විභාගය ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි දඹුල්ල ප්‍රදේශයේ ශිෂ්‍යාවක් බව වාර්තා වේ.
දඹුල්ල ජාතික පාසලේ ඉගෙනුම ලැබූ ඇය රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දට ගොස් ඇත. ඉන් පසු උදෑසන අවදි නොවීම නිසා දෙමාපියන් සොයා බැලීමේදී ඇය මියගොස් සිටිනු දැක ඇත.