ටික් ටොක් බැලුවා කියලා තමන්ගෙම දරුවාට දුන් අමානුෂික දඬුවම නිසා පියා අත්අඩංගුවට - අතිශය සංවේදී දසුනක්
පොතපතේ පාඩම් වැඩ නොකර අන්තර්ජාලය ඔස්සේ ‘ටික් ටොක්’ වීඩියෝ නරඹමින් සිටි සිය 13 හැවිරිදි වැඩිමහල් පුත්‍රයාගේ තට්ටම් ප්‍රදේශය රත් කළ යකඩ කූරකින් පුළුස්සා තුවාල සිදුකළ පියකු දෙනියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව වාර්තා වූ ආකාරයට කුලී රැකියාවක නිරත වන මෙම පියා එදින සිය ජංගම දුරකථනය නිවසේ අමතක වී දමා ගොස් තිබෙන අතර නිවසේ සිටි දරුවන් එම දුරකථනය රැගෙන ටික් ටොක් වීඩියෝ නරඹා තිබෙනවා.
අනතුරුව වැඩ නිම වී නිවසට පැමිණි පියා දරුවන්ට පාඩම් කරන ලෙස නියම කර රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට ගොස් තිබෙන අතර, මඳ වේලාවකින් දරුවන් පාඩම් කරන්නේ දැයි සොයා බැලීමට ගිය විටදී ඔවුන් යළි ජංගම දුරකථනයෙන් ටික් ටොක් නරඹමින් සිටිනු දැක උරණ ව පියා ලිපෙහි රත් වෙමින් තිබූ යකඩ කූරක් ගෙන දරුවාට මෙසේ අමානුෂික දඬුවම පමුණුවා ඇති බව සඳහන්.
ජේවීපිකාරයො කියන්නෙ හිඟන්නො කියල හිතන අය ලාල් කාන්තගෙ ගෙදර බලන්න.. අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නවා කියපු ලාල් හදපු ගෙදරින් බුකිය කැළඹෙයි
ඉන්පසුව පසුදින පාසල් ගිය දරුවා සම්බන්ධයෙන් තොරතුරු දැනගත් විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වී ඔහු දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සිසුවා මාතර මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
කෙසේ වුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහ පවුලේ තත්ත්වය සොයා බැලීමට එම නිවසට ගිය දෙනියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරත්න මහතාට දක්නට ලැබී ඇත්තේ අතිශය සංවේදී දසුනක් බව වාර්තා විය.
ඒ අඳාළ නිවසේ දරුවන්ට සහ අසනීප තත්ත්වයෙන් පසුවන බිරිඳට එවේලට ආහාරයට ගැනීමට පවා කිසිවක් නොතිබූ බව නිරීක්ෂණය කිරීමෙන්.
අනතුරුව ස්ථානාධිපතිවරයා, එහි පැමිණි අනෙකුත් නිලධාරීන්ගේ ද සහය ඇතිව මුදල් එකතු කර වහාම එම පවුලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන දීමට කටයුතු කර ඇති බව ද සඳහන්.
කෙසේ වෙතත් දෙනියාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.