ඉන්ධන හා බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කිරීමට දුන් මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොවීම මත පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්
රට පුරා ඇති ප්‍රදර්ශන පුවරුවල විදුලි බල්බ හා එක් එක් පොලිස් වසම්වල අනවශ්‍ය ආකාරයෙන් දල්වා ඇති වීදි ලාම්පු සංඛ්‍යාව ගණනය කර තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ ඒ ඒ පොලිස් ස්ථාන අධීක්ෂණය කරන උසස් නිලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලිස්පති අණදෙන කොට්ඨාසය මඟින් මීට අදාළ නියෝගය ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන් වෙත සිදුකර ඇත.
ඉන්ධන හා බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට රජය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක නොවීම මත අඳාළ නියෝගය සිදුකර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් රටටම සුබ ආරංචියක් - අද සිට මේ QR ගනුදෙනුවල සේවා ගාස්තු ඉවතට
එසේම එක් එක් පොලිස් වසම්වල දල්වා ඇති වීදි ලාම්පු හා ප්‍රදර්ශන පුවරු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තා යොමුකරන ලෙසට පොලිස්පතිවරයා විසින් ඉකුත් 02 වැනිදා නියෝගයක් කර ඇති අතර ඊට අදාළව පොලිස් ස්ථාන මට්ටමින් පසුගිය 03 වැනිදා යොමු කර ඇති වාර්තා නිරවද්‍යතාවය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බවට ද පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.
එබැවින් විදුලි බල්බ සහිත ප්‍රදර්ශන පුවරු, අනවශ්‍ය ලෙස දල්වා ඇති වීදි ලාම්පු සංඛ්‍යාවක එක් එක් ස්ථාන වශයෙන් වෙන් වෙන්ම නම් කර ඊට අදාළ වාර්තා තමන් වෙත යොමුකරන ලෙසට පොලිස්පතිවරයා කරන ලද එම නියෝගයේ ඇතුළත් වේ.
අඳාළ නියෝගය හේතුවෙන් රථවාහන රාජකාරි, අපරාධ හා දූෂණ මර්දන රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන් රැසක්ම පෙරේදා හා ඉකුත් 03 වැනිදා අදාළ රාජකාරිවලින් බාහිරව විදුලි කණු සහ ප්‍රදර්ශන පුවරු ගණනය කිරීමට යොදවා තිබූ බව පොලිස් ආරංචිමාර්ග පවසයි.