මේ අයට සුබ ආරංචියක් - පෙබරවාරි මාසේ ඉඳන් රක්ෂණාවරණ
2026 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් ගොවි ජනතාවට රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලුනූ, සෝයා බෝංචි, මිරිස් ඇතුළු සෑම බෝගයක් සඳහා නියඟය, ගංවතුර, වන අලි, කෘමි හානි, ගිනි හානි රෝග හා පලිබෝධවලින් සිදුවන සෑම හානියක් සඳහාම රක්ෂණ ආවරණ ලබාගත හැකි බව සඳහන්.
මෙහිදී සුළු වාරික මුදලක් ගෙවා ලබාගන්නා රක්ෂණාවරණයන් ස්වභාවික හානි ඇතුළුව සිදුවන වගා හානි සඳහා ද වන්දි ලබාගත හැකි බව සඳහන්.
එමෙන්ම කව්පි, මුං, උදු, කුරක්කන්, රටකජු, තල, කොල්ලු යන භෝග සඳහා අක්කරයකට රු.60,000/- ලබා ගැනීමට අදාළව ගෙවිය යුතු වාරික මුදල වන්නේ රක්ෂිත මුදලින් 7% ක් පමණී.
ඊට අමතරව බතල, මඤ්ඤොක්කා, කිරි අල, බීට්, ගෝවා, කැරට්, ලීක්ස් රතුළුූණු, බටු, බණ්ඩක්කා, බෝංචි, මාලු මිරිස්, තක්කාලි, කරවිල, වට්ටක්කා යන බෝගයන් සඳහාද අක්කරයක් සඳහා රක්ෂිත මුදලින් 7% ක් ගෙවීම ප්‍රමාණවත් බව පවසයි.
ඒ අනුව බතල වගාවක අක්කරයකට රු.100,000/- රක්ෂණ ආවරණ ලබා ගැනීම සඳහා සඳහා ගෙවිය යුතු රක්ෂණ වාරික මුදල රු.7000/- ක් වේ.
එසේම ඉඟුරු, කහ, කුරුදු, ගම්මිරිස්, අන්නාසි, පැපොල් හා කෙසෙල් වගාවන් සඳහා ද ඉතාමත් සහනදායී රක්ෂණ වාරික යටතේ රක්ෂණ ආවරණ ලබාගැනීම සඳහා ද ආකර්ෂණීය රක්ෂණ යෝජනා ක්‍රම කෘෂිරක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වාදී ඇත.
අඳාළ යෝජනා ක්‍රම සඳහා දායකවී වගා හානි අවධානම ආවරණය කරගන්නා මෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වගාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
එම අදාළ විස්තර කෘෂි රක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් හා රට පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාලවලින් ලබා ගත හැක.